Colombo Today Local News

කුණු කන්දට එරෙහිවූ සත්‍යග්‍රහයට ගුටිබැට දුන්නු කොළොන්නාව නගරාධිපතිට එරෙහිව පොලිස්පති වෙත පැමිණිල්ලක්

මීතොටමුල්ල කුණු කන්දට එරෙහිව පැවැත්වූ සත්‍යග්‍රහයට කොළොන්නාව නගරාධිපති රවීන්ද්‍ර උදයශාන්ත ඇතුළු පිරිස සිදුකළ පහරදීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට ලිඛිතව පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. කොළොන්නාව කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ සංවිධායක නීතීඥ නුවන් බෝපගේ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ අද උදෑසන තමන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ බවයි.

කුණුකන්දට එරෙහිව පැවැත්වූ සත්‍යග්‍රහයට කොළොන්නාව නගරාධිපතිවරයා ඇතුළු පිරිසක් ඊයේ රාත්‍රියේ පහරදීමක් සිදුකර තිබෙනවා. පහරදීමෙන් තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු 6 දෙනෙකු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා. පහරකෑ පුද්ගලයන් අතර එම ව්‍යාපාරයේ සංවිධායක නීතිඥ නුවන් බෝපගේ ද ඇතුළත්.

මීතොටමුල්ල කුණු කන්දට එරෙහිව ඊයේ කොළොන්නාව කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරය විරෝධතා පාගමනක් සංවිධාන කර තිබුණා. අනතුරුව, එම විරෝධතාවය පැවැත්වෙන ස්ථානයට කොළඹ නගර සභාවේ නාගරික කොමසාරිස්වරයෙකු පැමිණ සඳහන් කළේ මෙම ගැටලූව විසඳීම සඳහා අමාත්‍යාංශ ලේකම්වරුන් සිව් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කරන බවයි. නමුත්, විසඳුම් ලැබෙන කාලසීමාව පිළිබඳව නිශ්චිත අදහසක් ප්‍රකාශ නොකිරීම හේතුවෙනුයි විරෝධතාවයේ නිරත පිරිස සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමට කටයුතු කළේ.

Related posts

ඩොලර් හොයන්න ගංජා වවන්න තීරණයක්

colombotoday

ත්‍රස්තවාදය ව්‍යාප්ත කරන්න උළමා සභාවට රාජ්‍ය අනුග්‍රහය?

colombotoday

මාලිමාවේ ඉන්නේ භික්‍ෂුන් වහන්සේලා අනෙක් පක්ෂවල ඉන්නේ චීවරධාරීන්

Admin

ද. මුහුදේ බහුදින ධිවර යාත්‍රාවකින් ඇල්ලූ හෙරොයින්වල වටිනාකම රු. මිලියන 3500 ක්

Admin

ඉන්දීය විදේශ ලේකම් අගමැති මහින්ද හමුවෙයි

colombotoday

ත්‍රස්ත මර්ධන පනත අහෝසියි.. අලුත් පනත හදන වැඩේ අගමැති සාගලට බාරදෙයි !

colombotoday