Colombo Today Local News

කුඩු ජාවාරමට කට්ටි පැන්න මන්ත්‍රී අරුන්දිකගේ නිවසේදී අත්අඩංගුවට

මත්කුඩු ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි හලාවත නගර සභාවේ මහින්ද පිලේ මන්ත්‍රී වර්ණකුලසූරිය ස්ටැන්ලි ලුවිස් ප්‍රනාන්දු නමැත්තා පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතාගේ නිවසේ සිටියදී ඊයේ (08) දහවල් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු එහි නිවසේ සිට පිටතට පැමිණෙන විටදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ දංකොටුවේ පිහිටි නිවසට සැකකාර නාගරික මන්ත්‍රීවරයා පැමිණෙන බවට රාජ්‍ය බුද්ධි සේවයට ලද තොරතුරකට අනුව මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේත් රාජ්‍ය බුද්ධි සේවයේත් නිලධාරීන් කණ්ඩායමක් පැය දෙකකට ආසන්න කාලයක් එම නිවස ඉදිරිපිට රැකවල් ලාගෙන සිට ඔහු පිටතට පැමිණි සැනින් අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

නාගරික මන්ත්‍රීවරයාත් ඔහුගේ පුතාත් මත්කුඩු ජාවාරමේ නිරතව සිටින බව පසුගිය මාර්තු 23 වැනිදා මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය අනාවරණය කර ගෙන ඇත.

මීගමුව කට්ටුවාපිටිය ප්‍රදේශයේ දී හෙරොයින් කිලෝ 01යි ග්‍රෑම් 08ක් සමඟ අත්අඩගුවට ගත් සැකකරුවකුගෙන් කළ ප්‍රශ්න කිරීමකදී මේ බව අනාවරණය වී තිබේ.

නාගරික මන්ත්‍රීවරයාත් ඔහුගේ පුතාත් හෙරොයින් තොගය තමන්ට ලබාදුන් බව අත්අඩංගුවට ගත් සැකකරු ප්‍රශ්න කිරීමේදී හෙළිකර තිබිණි.

මූලාශ්‍ර රැස

Related posts

ජපානයේ සේවය කල ශ්‍රී ලාංකිකයෙක් මරුට… සැකකරුත් ශ්‍රී ලාංකිකයෙක්

colombotoday

සමාජ මාධ්‍ය හරහා ව්‍යාජ තොරතුරු පැතිරවූ තරුණයෙක් අත්අඩංගුවට

colombotoday

ඇලෝසියස්‌ගෙන් මුදල් ගත් 118 ගේ නම් ජනාධිපති ලේකම් සඟවනවා – දයාසිරිගෙන් චෝදනා

colombotoday

රට රැකියා සිහින පෙන්නා මුදල් ගරන වංචනිකයින් ගැන දැනුම් දෙන්න අංකයක්… – ගෙවුණු මාස දෙකට 24ක් කොටු

Admin

ශ්‍රී ලංකාවෙන් පැමිණෙන අයට එක්සත් අරාබි එමීර් රාජ්‍යට ඇතුළු වීම තහනම්

colombotoday

ජනපති රනිල් ලෝක ආර්ථික සමුළුවට යයි

Admin