Colombo Today Sports News

කිසිම කලකිරීමක් නෑ. මම සතුටින් සමුගන්නවා – අජන්ත මෙන්ඩිස් ක්‍රිකට් දිවියට සමුදෙමින් කියයි

තමන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නේ රැල්ලට හෝ කලකිරීමෙන් නොවන බව ශ්‍රී ලංකා හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක අජන්ත මෙන්ඩිස් පවසයි.

ඉදිරියේදී ක්‍රිකට් පුහුණුකරුවෙක් ලෙස කටයුතු කිරීමට සැලසුම් කර ඇති බවත් ඔහු  සඳහන් කළේය.

අද (02දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු හේ බව පැවැසීය.

“කිසිම කළ කිරීමක් නෑ. මම සතුටින් සමුගන්නේ. මගේ ආබාධය නිසා තමයි මට මෙච්චර කල් ක්‍රීඩා කරන්න ලැබුණේ නැත්තේ. මම රැල්ලට සමුගන්නවා නෙමෙයි. රෙජිමේන්තුවේ තරගයක් ගහලා මම සමුගන්න හිටියේ.

මම පුහුණුකරුවෙක් ලෙස යන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද මම පුහුණුකරුවෙක් වෙන්න සුදුසුකම් ඔක්කොම ලබලා තිබෙනවා. මගේ දැනුම පළපුරුද්ද බෙදා ගැන්න කැමතියි.

මම අවුරුදු තුන හතරකින් ක්‍රිඩා කරන්නේ නැතිව ජාතික තරගයක් ක්‍රීඩා කරන එක සාධාරණ මදි. මම ෆිට්නස් ගොඩක් කරලා නෑ. යුද හමුදා ග්‍රවුන්ඩ් එකෙන් එළියට යන එකයි මගේ ආසාව. ක්‍රිකට් ආයතනයට මොකවත් කියන්නේ නෑ. ”

Related posts

යුපුන් අබේකෝන් පොදු රද මඩුලු මීටර් 100 ලෝකඩ පදක්කම දිනා ගනී

colombotoday

T20 තරගාවලියේ වීරයා සොයන ලැයිස්තුවට වනිඳුත් – ඔබේ ඡන්දයත් මෙතැනින් ලබාදෙන්න

Admin

IPL නව කණ්ඩායම් දෙකේ අයිතිය කෝටි 12,000 කට අලෙවි වෙයි

colombotoday

භානුක ඉල්ලා අස්වීම ඉල්ලා අස්කරගනී

colombotoday

කොදෙව්වන්ට කඩුලු 5ක ජයක්

colombotoday

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන නිලවරණය සැප්තැම්බර් 16

Admin