Colombo Today Local News

කැබිනට් මණ්ඩලය 35කට ඉහළ නැංවීමට එජාපයෙන් යෝජනා

ජාතික ආණ්ඩු යෝජනාව හරහා කැබිනට් මණ්ඩලය 35ක් දක්වා පමණ ඉහළ නංවාගැනීමට අපේක්ෂා කරන බව අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දැරූ සමයේ අමාත්‍ය මණ්ඩලය 60ක් වූ බව පවසන රංජිත් මද්දුම බණ්ඩාර මහතා දැන් සිටින්නේ අමාත්‍යවරුන් 28ක් පමණක් බවත් තමන් යෝජනා කරන්නේ 60කට යාමට නොව 35කට පමණ යාමට බවත් ප්‍රකාශ කළේය.

මේ සතිය තුළ ජාතික ආණ්ඩුව පිළිබඳ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද ඒ මහතා සඳහන් කළේය.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ජාතික ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් අමාත්‍ය මණ්ඩලය 48ක් දක්වා පත්කිරීමේ හැකියාව පවතී.

Related posts

ආහාර උද්ධමනයෙන් ලංකාව දැන් 10වන තැනට

Admin

ඇලෝසියස්ගේ ස්කාගාරයේ බලපත්‍රය අහෝසි කරයි

colombotoday

ලංකාවට ඉන්දියාවෙන් ඉන්ධන මෙට්‍රික් ටොන් 40000ක්

colombotoday

ජනතාවට සහන සැළසීමට මැදිහත් නොවන මේ ආණ්ඩුව “සෙල්ෆ් සර්විස්‍ ”ආණ්ඩුවක්

colombotoday

මන්ත්‍රී සුමිත් උඩුකුඹුරගේ නිවසට හානි කළ තරුණයෙක් අත්අඩංගුවට

colombotoday

කොළඹට ඇතුළු වූ බෝම්බ ලොරිය යැයි සකකළ ලොරිය අල්ලයි…

colombotoday