Colombo Today Local News

කල්දේරම් බතේ රස බැලු ඇමතිවරිය

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ පසුගියදා සිරකරුවන්ගේ කෑමවල රස බැලීමට කටයුතු කලා. පල්ලෙකැලේ එළිමහන් සිරකදවුරේ නිරීක්ෂණයට එක්වූ රාජ්‍ය අමාත්‍යවරිය සිය නිරීක්ෂණය අතරතුර රැදවියන්ට ආහාර ලබාදෙන මොහොතේ ඇය විසින් එම ආහාර රස බැලීමට කටයුතු කලා.

තමන්ට රැදවියන්ගේ ආහාර වේල සම්බන්ධයෙන් විවිධ පැමිණිලි ලැබෙන බවත් ඒ සම්බන්ධයෙන් සොයා බලන ලෙසත් ඉල්ලීම් ලැබෙන බව රාජ්‍ය අමාත්‍යවරිය මෙහිදී සදහන් කර සිටියා. එහිදී ඇමතිතුමිය විසින් බලධාරීන්ට උපදෙස් දෙනු ලැබුවේ රැදවියන්ට ලබාදෙන කෑමවේල සම්බන්ධයෙන් වඩාත් සැලකිලිමත් වන ලෙසයි. සිරකරුවන්වුවද මනුෂ්‍යයින් ලෙස සලකා කටයුතු කිරීම වැදගත්වන බවත්, ඔවුන් යහපත් පුරවැසියන් කර සමාජගත කිරීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම සැමගේ යුතුකම හා වගකීම බව රාජ්‍ය ඇමතිනිය මෙහිදී සදහන් කර සිටියා.

මෙම අවස්ථාවට බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ගීතාමනී කරුණාරත්න, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය, කොමසාරිස් පුනරුත්ථාපන චන්දන ඒකනායක, කොමසාරිස් බුද්ධි මෙහෙයුම් ටී.අයි උඩුවර ඇතුළු පිරිසක් එක්ව සිටියා.

Related posts

පාස්කු ත්‍රස්ත ප්‍රහාරය : හේමසිරි සහ පූජිත්ගේ නඩු අවසන්

colombotoday

අද පූර්ණ සූර්යග්‍රහණයක්

Admin

විදුලි සේවකයන් අඛණ්ඩව වර්ජනයේ.. විදුලිය දෙන්න හමුදාව කැදවයි !

colombotoday

අන්තිමට ඉතිරි වෙන්නේ ‘රාජ පස්ස’ විතරයි

colombotoday

හැඳුනුම්පතේ අවසන් අංකය අනුව ඔත්තේ ඉරට්ටේ දින වල නිවසින් බැහැරට යාමේ ක්‍රමවේදය යළිත්

colombotoday

රාජපක්ෂලා කරේ යෝධ හොරකම්.. මේ ආණ්ඩුවේ ජනපති, අගමැති ඇමතිලා හොරු නෙවෙයි – චන්ද්‍රිකා

colombotoday