Colombo Today Local News

කරන්නාගොඩ අත්අඩංගුවට ගැනීම වළක්වමින් නියෝගයක්

තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අත්අඩංගුවට ගැනීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝගක් කළේ ය.

ලබන 11 වැනිදා පෙරවරු 9.00ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට එම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය වසන්ත කරන්නාගොඩ මහතාට නියෝග කරනු ලැබුවේ ය.

මේ සම්බන්ධයෙන් විමර්ශන කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරන වාර්තාව අනුව නීතිපතිවරයා විසින් සිය සේවා දායකයාට එරෙහිව අධිචෝදනා ගොනු කර මහාධිකරණය හමුවේ නඩු පැවරීමක් කළහොත් මහාධිකරණයෙන් නොතීසි ලද විටක පෙනී සිටීමට පොරොන්දුවන බවත්, අධිකරණයේ අවසරයකින් තොරව විදේශගත නොවන බවටත්, අධිකරණය හමුවේ පෙනී සිටින බවටත් පොරොන්දු වන බව පෙත්සම්කාර වසන්ත කරන්නාගොඩ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කියා සිටියේ ය.

තමාව අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම බුවනෙක අලුවිහාරේ, විජිත් මලල්ගොඩ සහ පී. පද්මන් සුරසේන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලිණි.

Related posts

ජවිපෙ විරෝධය නිසා මිලියන 540ක් රටට අහිමි වෙයි

colombotoday

එට්කා ගිවිසුමේ ප්‍රධාන උපදේශකවරයා, ආචාර්ය සමන් කැලේගම මියයයි !

colombotoday

ඇස්ට්‍රාසෙනිකා නැති වුනොත් ‘‘ස්පුට්නික් ලයිට් හෝ ජොන්සන් ඇන්ඩ් ජොන්සන්’’ දෙනවා – මාත්‍රාවක් ලබා දීමෙන් නරක බලපෑමක් වෙන්නෑ

colombotoday

ඇමති චම්පික “මව්බිමට” එරෙහිව දැමූ නඩුව හකුලා ගනියි

colombotoday

බැංකු පනත් දෙක සම්මත වී මාස දෙකකට පසු බලාත්මක වෙයි

Admin

චීන ජනපි ෂිපින්ජින් ට දිවි ඇතිතෙක් බලයේ ඉන්න ව්‍යවස්ථාව වෙනස්කරගනී

colombotoday