Colombo Today Local News

කඹ ඇදිල්ලක්: TNA,UNP අළුත්ම ව්‍යවස්ථාවක් ඉල්ලයි – ශ්‍රීලනිපය සංශෝධන පමණක් ඇති කියයි

constitutionයෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජාතික ආණ්ඩුවේ එජාප පාර්ශවය සහ ශ්‍රීලනිප පාර්ශවය අතර මත ගැටුමක් ඇතිව තිබෙන බව වාර්තා වනවා.

පසුගිය 07 වනදා ජනපති ලේකම් කාර්යාලයේදී පැවති ආණ්ඩුවේ එජාප සහ ශ්‍රීලනිප පාර්ශවය අතර පැවති සාකච්ඡාවේදී ජනපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ජනමත විචාරණයකට තුඩු දෙන ව්‍යවස්ථා සංශෝධනවල නොයන බවට පොරොන්දු වී ඇති බැවින් විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට ශ්‍රීලනිපය මුළුමනින්ම විරුද්ධ බවත් එම ධූරයේ යම් යම් සංශෝධන පමණක් කිරීමට එකග වියැකි බවත් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ නායක හමුවේදී ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් පවසා තිබේ.

නමුත් එජාප පාර්ශවය එහිදී පෙන්වා දී ඇත්තේ පසුගිය මහ මැතිවරණයේදී තමන් ඉදිරිපත් කළ පංචවිධ ක්‍රියාවලිය ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් විධායක ජනාධිපති ධූරය මුළුමනින්ම අහෝසි කරන බවට පොරොන්දු වී ඇති බවයි.

නමුන් එම අවස්ථාවේදී ශ්‍රීලනිප පාර්ශවය පෙන්වා දී ඇත්තේ ජනපතිවරණයෙන් 52% ජනමක් ලැබුණත් පසුගිය මැතිවරණයේදී පංච විධ ක්‍රියාවලියට ලබා ගැත හැකිවූයේ 50%කටත් අඩු ජනවරමක් බවයි. එබැවින් ක්‍රියාත්මක කළ යුතුවන්නේ 52% ජනවරමක් ලැබු ජනපතිවරණයේදී ඉදිරිපත් කළ ප්‍රතිපත්ති බව ශ්‍රීලනිපය එහිදී අවධාරණය කර ඇත.

එජාපය නියෝජනය කරමින් මීට සහභාගී වූ ඇමති මංගල සමරවීර මහතා ශ‍්‍රීලනිප නියෝජිතයින්ගේ මතය දැඩිව විවේචනය කරමින් ‘ඔයගොල්ලො මෛත‍්‍රී ජනපතිට පිටිපස්සෙන් ඉඳලා පිහියෙන් ඇනපු අය. ඔයගොල්ලන්ට සදාචාරයක්, අයිතියක් නෑ එහෙම කියන්න. අපි තමයි ජනාධිපතිවරණයෙදි ගෙයින් ගෙට ගිහිල්ල මෛත‍්‍රී ජනපති කලේ’ පවසද්දී ඊට ආණ්ඩුවේ ශ‍්‍රීලනිප නියෝජිතයන් කරබා සිට කරුණු දැක්වීමක්ද කර නැත.

මේ අතර නව ආණ්ඩුකම ව්‍යවස්ථාව පවතින ව්‍යවස්ථාවට අනුකූලව අළුතෙන්ම සැකසිය යුතය යන ස්ථාවරයේ එජාපය මෙන්ම ද්‍රවිඩ සන්ධානයද සිටින බවත්, අළුත් ව්‍යවස්ථාවක් වෙනුවට පවතින ව්‍යස්ථාවට සංශෝධන පමණක් ගෙන ආ යුතු බවට ශ්‍රීලනිපය දැඩි ස්ථාවරයක සිටින බවත් අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග තව දුරටත් අනාවරණය කරයි.

මේ තත්වය යටතේ නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම ආරම්භයේදීම අර්බුදකාරී තත්වයකට පත්ව තිබේ.

Related posts

“මෙරටට ඇති අයිතිය තාර්කිකව ඔප්පුකර පෙන්වන්න.. ඊළම දෙන්නම්“ ගම්මන්පිලගෙන් අභියෝගයක්

colombotoday

රන්ජන්ගේ ඩීල් හඩපට නිසා විනිසුරුවරයෙකුගේ වැඩ තහනම් කරයි !

colombotoday

සමාජ ජාලා අඩස්සිය තව දුරටත්…

colombotoday

ඇමති ෆවුසිට වාහනයක් ගන්න කෝටි 4ක් ඉල්ලා පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට

colombotoday

මැතිවරණය පැවැත්වීමේ වගකීම මැතිවරණ කොමිසන් සභාවේ කාර්යයක් – නීතිපති මැකෝ ට දන්වයි

colombotoday

IDH රෝහලේ ගී ගයන හෙද හෙදියෝ

colombotoday