Colombo Today Local News

වන්නි සෙන්පතියන්ගේ ඉරණම තීන්දු කරන යුධ අපරාධ පරීක්ෂණ යාන්ත්‍රණය ලබන සතියේ වැඩ අරඹයි

norway mongalaජීනීවා මානව හිමිකම් කොමිසමේදී සම්මත වූ ශ්‍රී ලංකාව සදහා වූ එක්සත් ජාතීන්ගේ වාර්තාවේ සදහන් ශ්‍රී ලංකාවේ සිදු වූවා යැයි කියන යුධ අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සදහා වන “දේශීය යාන්ත්‍රණය” සදහා විමසුම් ක්‍රියාවලිය ලබන සතියේ සිට ආරම්භ වන බව රජය ප්‍රකාශ කරයි.

වසර නවයකට පසු ශ්‍රී ලංකාවේ කටයුතු වලට මැදිහත් වීම සදහා පැමිණි නෝර්වේ විදේශ අමාත්‍ය බොර්ගි බෙන්ඩ් හමුවූ අවස්ථාවේ මාධ්‍ය අමතමින් විදේශ අමාත්‍ය මංගල සමරවීර මේ බව පවසා ඇත.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ ජීනීවා වාර්තාව එලි දක්වන අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් ගතයුතු පියවර විවාදයට ගත් සභාවේදී මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් තදින් පෙනී සිටියේ දෙමුහුන් විශේෂ අධිකරණයක් වෙනුවෙනි.

එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ජගත් මානව හිමිකම් සමුළුවේ සාමාජික රටවල් ශ්‍රී ලංකාවේ සිදුවූ යුද අපරාධ පිලිබඳ විභාගය රජයේම ප්‍රධානත්වයෙන් සිදු කිරීමට ඉඩ දීමට ඉකුත් වසරේ ඒකමතිකව තීන්දු කළේය.

Related posts

“දමිළයනි නැගිටිව්.. සිංහල බෞද්ධයන් උතුරට එපා“ රජයේ ලිපි ශීර්ෂයෙන් විග්නේෂ්වරන් ලිපි යවයි

colombotoday

ලන්ඩන් කොටි ඩයස්පෝරා ප‍්‍රධානියා කටුනායකදීම හරවා යවයි

colombotoday

ගෘහ සේවයට විදෙස් ගතවන කාන්තාවන්ට වයස් සීමාවක් පැනවේ

colombotoday

සැලසුම්ගත ලෙස මගඩිය සිදුකළ හැටි හෙළිවෙයි.. කවුරුත් නොකරපු වැඩකුත් අර්ජුන් කරලා

colombotoday

Colombo Today පුවත ඇත්ත වෙයි. භූමිදාන ගැසට්ටුව නිකුත් කරයි. මහාචාර්ය මෙත්තිකා විතානගේ ඉල්ලා අස් වෙයි.

colombotoday

හිමගිරි අරණට මුලින්ම පා තැබුවේ කවුද?

colombotoday