දූෂිත යැයි පවසන එයාබස් ගනුදෙනුව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ශ්‍රී ලන්කන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා හා ඔහුගේ බිරිඳ එළැඹෙන 19 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (6) නියෝග කළේය.
දූෂිත එයාබස් ගනුදෙනුව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර සිටි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන හා ඔහුගේ බිරිඳ ඊයේ(6) පෙරවරුවේ නීතිඥයින් මාර්ගයෙන් රහස් පොලීසියට භාර වීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කරන ලදි.