Colombo Today Local News

ඖෂධ හිඟයට GMOA වගකිව යුතුයි.. – රාජිත

දින 53 ක් පුරා පැවැති දේශපාලන අර්බුදය හේතුවෙන් මතු වූ ඖෂධ හිඟයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද වගකිව යුතු බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

චීන සහන ණය ආධාර යටතේ දිවයිනේ තෝරා ගත් රෝහල් 13 ක් සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල යටතේ පොතුවිල් මූලික රෝහලේ ඉදිකෙරෙන මහල් 03 කින් යුත් වාට්ටු සංකීර්ණය සදහා මුල්ගල් තැබීමේ උත්සවයට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – “සෞඛ්‍ය සේවාවන් දීප ව්‍යාප්ත කර තිබෙනවා. නවීන උපකරණ රෝහල්වලට ලබා දෙනවා. මෙමගින් අපි බලාපොරොත්තු වන්නේ කොළඹ තිබෙන ප්‍රධාන රෝහල් වලට පැමිණෙන රෝගීන්ගේ සංඛ්‍යාව අඩු කිරීමටයි. සාමාන්‍ය ජනතාවගේ මුදල් පසුම්බියෙන් මුදල් වියදම් නොකර ඉතිරිකර ගැනීමේ අරමුණින් මෙම වැඩපිළිවෙල ජනතා හිතසුව පිණිස මම දියත් කරනවා.”

“දින 53 ක් පුරා පැවැති දේශපාලන අර්බුදය හේතුවෙන් ඖෂධ හිඟයක් රෝහල්වල මතු වුනා. එම දිනවල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උපදෙස් මත තමයි අමාත්‍යාංශයේ වැඩකටයුතු සිදු වුනේ. එම දිනවල හිටපු අමාත්‍යවරයා ද වටකරගෙන සිටියේ එම සංගමයේ නිලධාරීන්. අන්තිමට ඇමැතිවරයාටත් මෙම සංගමය එපා වුනා. වසර 03 කට අධික කාලයක් හිඟයකින් තොරව ඖෂධ ලබාදීමේ වැඩපිළිවෙල විනාශ කෙරුනා. අමාත්‍යාංශයේ අරක්ගෙන සිටි වෛද්‍ය සංගමයේ නිලධාරීන්ටවත් ඖෂධ හිඟයක් ඇතිවන බව පෙනුනේ නැහැ. මම රෝගී ජනතාවට මෙවැනි අපරාධයක් කළේ නැහැ. ඖෂධ හිඟයක් ඇති කළ අපරාධයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද වගකිව යුතුයි. මම සෞඛ්‍ය අමාත්‍යධූරයට යළි පත් වූ පසු ඖෂධ හිඟයට අවශ්‍ය විසදුම් ලබාදුන්නා. පිළිකා රෝගීන්ට අවශ්‍ය ඖෂධ ගුවන් මගින් කොළඹට ගෙනවිත් බෙදාහැරියා. මෙම ඖෂධ හිඟය මාර්තු මස අවසන් වන විට නිරාකරණය වනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. රෝහල් සංවර්ධනය කිරීම සදහා විදේශීය ආයෝජකයින් රැසක් ඉදිරිපත්ව සිටිනවා. ඔවුන්ගෙන් කොමිස් මුදල් ලබානොගෙන අවශ්‍ය පහසුකම් ලබාදෙනවා. යුද්ධයෙන් පීඩාවට පත් වූ උතුරු නැගෙනහිර රෝහල් සංවර්ධනය කිරීමට මම පියවර ගෙන තිබෙනවා.”

– ප්‍රසන්න අධිකාරි

Related posts

ETCA අත්සන් කරන්න යන නිලධාරීන්ට අනතුරු ඇගවීමක්

colombotoday

කඩේ මිලට වඩා මිල වැඩියි. – Pick Me සහ Uber කරන කූට වැඩේ

colombotoday

සයිනොපෙක් සමාගමේ දෙවන ඉන්ධන තොගය අද රැගෙන එයි

Admin

යූ ටියුබ් බලා මාමායි බෑනයි ගිනි අවි හදලා

Admin

ඉන්ධන සැපයුම තවදුරටත් සීමා කරන්නේ යළි මිළ ඉහළ දැමීමේ අරමුණින් – වෘත්තිය සමිතියක් හෙළිකරයි

colombotoday

ශ්‍රීලනිප ආණ්ඩුව ස්ථීරයි.. අලුත් ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමති මමයි – ජෝන් සෙනවිරත්න

colombotoday