World

ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සිදුවූ කාන්දුවකින් චීනයේ පළාතක මෝල්ටා උණ පැතිරේ

චීනයේ ප්‍රදේශ කිහිපයක බැක්ටීරියා රෝගයක් පැතිරයමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සිදුවූ කාන්දුවක්, එම බැක්ටීරියා රෝගයට හේතුවී ඇති බව වාර්තා වේ.

ගැන්සු පළාතේ අගනගරය වන ලැන්සෝ හි සෞඛ්‍ය කොමිසම පැවසුවේ පුද්ගලයින් 3,245කට බ්රුසේල්ලා නම් එම බැක්ටීරියාව නිසා හටගන්නා බ්රුසෙල්ලොසිස් නම් රෝගය වැළඳී ඇති බවය.

එම බැක්ටීරියාව සාමාන්‍යයෙන් ගොවිපොළ සතුන් හරහා ව්‍යාප්ත වන බව පැවසේ.

එසේම තවත් පුද්ගලයින් 1,401 දෙනෙක් මුලික වශයෙන් ආසාදිත බව වාර්තා වේ. නමුත් සෞඛ්‍ය කොමිසම පැවසුවේ කිසිවෙක් මේ දක්වා මියගොස් නොමැති බවය.

මේ වනවිට එම නගරයේ ජීවත්වන මිලියන 2.9 කින් 21,847 දෙනෙක්ව මේ දක්වා වෛද්‍ය පරීක්ෂණ වලට ලක් කර තිබේ.

මෙම රෝගී තත්ත්වය මෝල්ටා උණ හෝ මධ්‍යධරණී උණ ලෙස ද හඳුන්වයි.

Related posts

ඉන්දියාව මගී ප්‍රවාහන ගුවන් සේවා නවත්වයි

colombotoday

ඉන්දුනීසියාවේ 7.9 ක භූ කම්පනයක් – සුනාමි අනතුරු ඇගවීමක්

colombotoday

ගාසා ගොඩබිම් ආක්‍රමණයකට සූදානම් – නෙතන්යාහු කියයි

Admin

බයිඩන් ජාතිය අමතා දුන් ප්‍රතිඥාව

Admin

ඔබාමාගෙන් ට්‍රම්ප්ට සැර ප්‍රකාශයක්

colombotoday

IHU නමින් තවත් කොවිඩ් ප්‍රභේදයක්. විකෘතිතා 46ක්

colombotoday