Business

ඕස්ට්‍රේලියන් කිරි ගවයින් 1317 ක් මාගම් තොටින් ගොඩබසී

13839540042

මෙරට කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමේ ජාතික වැඩසටහනට සමගාමිව ඕස්ට්‍රේලියාවේ ජසි වර්ගයේ කිරිගවයින් 1317 දෙනෙකු ඕස්ට්‍රේලියාවේ සිට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර වරාය වෙත ඊයේ (11)රැගෙන එනු ලැබිය .OCEN OUTBACK යන සත්වයින් ප්‍රවාහනය කරන නෞකාව මගින් මෙම ගවයින් මෙරටට ගෙන එන ලදී .

මෙසේ ගෙන්වන ලද ජසි වර්ගයේ ගැබ්බර කිරිගවයින් 1317 දෙනා ලොරිරථ මගින් අම්බලන්තොට ජාතික පසුසම්පත් මන්ඩලයේ රිදියගම ගොවිපල වෙත ගෙන ඒමට කටයුතු යොදන ලදී .ඉදිරියේදී ලංකාවේ තෝරාගත් කලාප හයක් තුල මෙම කිරිගවයින් බෙදාදී කිරි නිෂ්පාදනය කෙරෙහි මෙරට කිරිගොවියා යොමුකර රටේ කිරි නිෂ්පාදනය වැඩි කිරීමට කටයුතු කිරීමේ අරමුණින් මෙම කිරි ගවයින් ගෙන්වන බව පසු සම්පත්මන්ඩලයේ ප්‍රකාශකයෙකු පැවසිය.

Related posts

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ ඉහළම තැනට පැමිණෙයි

colombotoday

නව බද්ද නිසා බදු එකතුව නවතලා.. රජයේ ආදායම් රැස් කිරීමේ ක්‍රියාවලිය අර්බුදයක.

colombotoday

නොවැම්බර් මාසයේ උද්ධමනය සියයට 11ත් ඉක්මවයි

colombotoday

අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 9.9 ඉක්මවයි

colombotoday

රං පවුම අනුදාහට නගී

colombotoday

යුරෝපයට, ඇමරිකාවට කළ අපනයන අඩු වෙලා.. ඇඟලුම් අපනයන ආදායම පහළ බසී

colombotoday