Business

කිරිපිටි ගෙන්වීම නවත්වයි

කිරිපිටි මිල වැඩිකිරීමට මෙතෙක් අවසර නොදීම නිසා කිරිපිටි තොග අලුතින් ඇණවුම් කිරීම නතර කර ඇති බව කිරිපිටි සමාගම් ආරංචි මාර්ගවලින් පැවසේ. ඉකුත් සතියේ සිට කිරිපිටි තොග අලුතින් ඇණවුම් කිරීම නතර කර ඇති බවත්මේ  නිසා මේ මාසයේ අවසානයේදී පමණ වෙළෙඳපොළේ කිරිපිටි හිඟයක් ඇතිවීමට බොහෝදුරට ඉඩ ඇති බවත් එම ආරංචිමාර්ග සඳහන් කරයි.

ලෝක වෙළෙඳපොළේ කිරිපිටි මිල ඉහළ යාම හා ඩොලරයේ අගය වැඩිවීම හේතුවෙන් තම සමාගම් පවත්වාගෙන යාමේදී සහ දැනට පවතින මිලට කිරිපිටි ලබාදීමේදී දුෂ්කරතා හා ගැටලු මතුවී ඇතැයි පවසන සමාගම් මේ නිසා කිරිපිටි කිලෝවක මිල රුපියල් සියයකින් වැඩිකිරීමට අවසර ලබාදෙන ලෙස ජීවන වියදම් කමිටුවෙන් හා  පාරිභෝගික අධිකාරියෙන් ඉල්ලා ඇතැයිද සඳහන් කරයි.

දැනට වෙළෙඳපොළේ තිබෙන කිරිපිටි තොග සති දෙක තුනකට පමණ ප්‍රමාණවත් බව පෙන්වාදෙන කිරිපිටි සමාගම් කිරිපිටි තොග අලුතින් ඇණවුම් කිරීම නතර කිරීම සම්බන්ධව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කර ඇතැයිද පවසයි.

මේ වනවිට ලෝක වෙළෙඳ පොළේ කිරිපිටි මෙටි්‍රක් ටොන් එකක මිල ඇමරිකා ඩොලර් 3250-3350ක් වශයෙන් පවතින බවත් ලබන ජූනි මාසය වනවිට ඩොලර් 3400- 3500 දක්වා ඉහළ යන බව පෙන්වා දෙන සමාගම් අඩුම තරමින් කිරිපිටි කිලෝවක මිල රුපියල් 75 කින්වත් වැඩිකිරීමට ඉඩ දුනහොත් පාඩුව අවම කරගත හැකි බවද කියා සිටී.

Related posts

රජය සතු ‘ලංකා හොස්පිටල්’ විකුණනවානම් ගන්න අපි සූදානම් – හේමාස් කියයි

colombotoday

රන් බදු ඉවතට

colombotoday

කොටස් වෙළෙඳපොළ මිල දර්ශකයේ වැඩිම පහත වැටීම අද

colombotoday

ජපන් වාහන ආනයනය නවතී.. සමස්ථ වෙළදපොළ ඉන්දියානු වාහන අල්ලා ගනී

colombotoday

මහබැංකු පොලි අනුපාතය පහළට

colombotoday

ජාත්‍යන්තර ණය ශ්‍රේණි ආයතනයක් ශ්‍රී ලංකාව ගැන අනතුරු අඟවයි

colombotoday