Colombo Today Local News

ඒකීයභාවය රකිමින් ආර්ථිකය ගොඩනැගිය හැකි නායකයෙකුට රට භාර දෙන්න – මහා සංඝරත්නය අවධාරණය කරයි

රටේ භූමිය බෙදීමට ඉදිරිපත් වන සියළු බලවේග පරාජය කිරීමට එක්විය යුතු බව මහා සංඝරත්නය කියයි

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදි රටේ භූමිය බෙදීමට හෝ ජාතික සමගිය විනාශ කිරීමට ඉදිරිපත්වන සියලු බලවේග පරාජය කිරීමට ජනතාව එකමුතු විය යුතු බව මහා සංඝරත්නය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් උන්වහන්සේ ඉල්ලා සිටින්නේ රටේ ඒකීය භාවය ආරක්ෂා කරගනිමින් වැටී ඇති ආර්ථිකය ගොඩගැනීමට හැකියාවක් ඇති පුද්ගලයාට ඡන්දය භාවිත කරන ලෙසයි.

පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහ නාහිමියන්, මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ අනුනාහිමියන්, මහාචාර්ය පූජ්‍ය කහපොල සුගතරතන අනුනාහිමියන්, ආචාර්ය පූජ්‍ය වල්පොල විමලඥාණ අනුනාහිමියන්, ඊට අදාළ නිවේදනය සඳහා අත්සන් තබා තිබෙනවා.

එමෙන්ම මහාචාර්ය පූජ්‍ය මැදගම නන්දවාස හිමියන්, මහාචාර්ය පූජ්‍ය පල්ලෙකන්දේ රතනසාර අනුනාහිමියන්, මහාචාර්ය පූජ්‍ය කිවුලේගෙදර නාරද හිමියන්, පූජ්‍ය ගංතුනේ අස්සජි හිමියන්, පූජ්‍ය වස්කඩුවේ මහින්දවංශ හිමියන්, පූජ්‍ය අඹේවෙල පඤ්ඤාසාර හිමියන්, පූජ්‍ය  ඕමාරේ කස්සප අනුනාහිමියන් සහ මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන යන හිමිවරුන්ද ඊට අත්සන් තබා තිබුණා.

එමඟින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ පසුගිය කාල පරිච්ඡේදයේ මෙරට පත්වූ අවාසනාවන්ත තත්ත්වය නිසා රටේ ස්වෛරී භාවය, භෞමික අඛන්ඩතාව හා ස්වාධීනත්වය මෙන්ම ජාතික ආරක්ෂාව අතිශයින් පිරිහී ඇති බවයි.

මිලියන ගණන් වංචා සිදුවූ මහ බැංකු කොල්ලයට මෙතෙක් කිසිදු වගකිව යුත්තෙක් නොමැති අතර, මිනිස් ජීවිත සිය ගණනක් විනාශ කළ බෝම්බ ප්‍රහාරයට දායකවූවන් තවමත් නිදැල්ලේ පසුවන බවද එමඟින් සඳහන් කර තිබෙනවා.

එබැවින් ඉදිරි ජනාධිපතිවරණයේදි රටේ ඒකීය භාවය රැකදීමටත්, ජාතික ආරක්ෂාව තහවුරු කිරීමටත්, වැටී ඇති ආර්ථික අගාධයෙන් රට ගොඩනැගීමටත් හැකියාවක් ඇති වඩාත් සුදුසුම නායකයා තෝරාගැනීමට තම වටිනා ඡන්දය භාවිත කරන ලෙසයි මහා සංඝ රත්නය සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

මේ අතර අවස්ථාවාදී දේශපාලනඥයින්ගේ අදුරදර්ශී ක්‍රියා හේතුවෙන් මේ වනවිට දිවයිනේ සැම ක්‍ෂේත්‍රයකම ව්‍යාකූල තත්ත්වයක් හටගෙන ඇති බව මාළිගාකන්දේ විද්‍යෝදය මහ පිරිවෙණ සහ පෑලියගොඩ විද්‍යාලංකාර මහ පිරිවෙණ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

එම පිරිවෙන්වල පරිවේණාධිපතිවරුන් වන ආචාර්ය පූජ්‍ය බලංගොඩ සෝභිත නාහිමියන් සහ ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමිවරුන්ගේ අත්සනින් යුත් එම ඒකාබද්ධ නිවේදනය මගින් පෙන්වා දෙන්නේ අවස්ථාවාදි පාලකයන්ගේ අමනෝඥ ක්‍රියාවන් හේතුවෙන් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය එල්ලවූ බවයි.

සතුරු කුමන්ත්‍රණවලින් අප මාතෘ භූමිය බේරාගැනීමට නම් එළඹෙන 16 වනදා පැවැත්වීමට නියමිත ජනාධීපතිවරණයේදි දේශයට, ජාතියට සහ ශාසනයට ආරාධනය කරන ශක්තිමත් නායකයෙකු පත් කරගත යුතු බව මෙම නිවේදනයේ දක්වා තිබෙනවා.

Related posts

උපකාරක පන්ති ජුනි 15 සිට ඇරඹීමට අවසර

colombotoday

හයිය පෙන්වු VIP රැකවලුන් ගැන විමර්ශන අරඹන්න CCDයට නියෝගයක්

colombotoday

ගෝඨාභය ආරක්ෂක ලේකම් කරන්න පුලුවන්නම් අර්ජුන් මහේන්ද්‍රන් මහබැංකු අධිපති කරාම මොකද – ෆොන්සේකා අසයි

colombotoday

රුපියල බාල්දු වෙයි… ඓතිහාසික වාර්තාවක් තබමින් ඩොලරය නගී

colombotoday

අඹුසැමි යුවළකගේ මළසිරුරු වෙළඳසැලකින් හමුවෙයි

Admin

අත දරුවෙකු සමග ගිය මවකගේ ගෙල කපා ඝාතනය කර රන් මාලය සොරා ගනී.

colombotoday