හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේදී පැවැත්වීමට නියමති පළාත් පාලන මැතිවරණයේදී ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්රීලනිප මන්ත්රීවරුන් සහ එජනිස හවුල්කාර පක්ෂ එකතුව අලුත් පක්ෂයක් පිහිටුවා එන මැතිවරණයට මුහුණ දීමට සූදානම්ව සිටියන් මහින්ද රාජපක්ෂ මහතා එයට සම්බන්ද නොවනු ඇතැයිද පැවසේ.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා තම අවසන් ස්ථාවරය ඉදිරියේදී වර්ධනය වන දේශපාලන තත්වයන් ගැනද විමසිලිමත් වෙමින් මැතිවරණය ප්රකාශ කිරීමට ආසන්න වෙද්දී ගනු ඇතැයිද ආරංචි මාර්ග පවසයි.