එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් දෙදෙනකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව පළවන ගල්ෆ් ටයිම්ස් පුවත සේවය වාර්තා කරයි.
එරටදී අද කොරෝනා වයිරසය වැළදුණු රෝගීන් 15 දෙනකු හමුවී ඇති අතර ඉන් දෙදෙනකු ශ්‍රී ලාංකිකයන් වෙයි.
ලාංකිකයින් දෙදෙනා සමඟ මේ වන විට එමීර් රාජ්‍යයෙන් කෙරෝනා වෛරසය ආසාදිතයින් 74 දෙනෙකු වාර්තා වෙයි.
රෝගීන් අබුඩාබි හි නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බවද එම පුවත් සේවය වාර්තා කර ඇත. එසේම ඔවුන් ගේ තත්ත්වය බරපතල නොවන බවද එම වාර්තා වේ දැක්වේ.