Colombo Today Local News

එජා පෙරමුණ දෙදරයි… හකීම්, මනෝ, දිගාම්බරම්, චම්පික ඉවතට ?

එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන ප්‍රධාන දේශපාලන පක්ෂ හතරක් එම පෙරමුණෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව එජාප හිතවාදී සතිඅන්ත පුවත්පතක් වාර්තා කර ඇත.

රවුෆ් හකීම් ගේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, චම්පික රණවක ප්‍රධානත්වය දරන ජාතික හෙළ උරුමය, මනෝ ගනේෂන් සහ පලනි තිගම්බරම් නායකත්වයෙන් යුතු පක්ෂද මෙසේ එම පෙරමුණෙන් ඉවත් වීමට තීන්දු කර ඇතැයි දැක්වෙයි.

මෙම තීරණය ගැනීමට ඔවුන් කටයුතු කර ඇත්තේ තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කිරීම හා එජාප නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබා නො දීමට විරෝධය පළ කරමිනි.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාද් බදුර්දීන් මහතාගේ පක්‍ෂයද ඉදිරි දින කිහිපයේදී තීරණාත්මක තීන්දුවක් ගැනීමට සූදානමින් සිටින බවද වැඩිදුරටත් එම වාර්තාව සඳහන් කරයි.

Related posts

අද රාත්‍රී 11.30 තෙක් වලංගු අවවාදාත්මක නිවේදනයක්

Admin

දුම්රිය මැදිරි 120ක් ධාවනයෙන් ඉවතට

colombotoday

ජවිපෙ 20ට එරෙහිව ගම්මන්පිල අධිකරණයට…

colombotoday

අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙක් අත්අඩංගුවට

colombotoday

උත්තර පත්‍ර ඇගයිමේ ගුරුවරු තෙල් ඉල්ලා මහපාරේ

colombotoday

නියගයෙන් උ/නැගෙනහිර ජනතාවට දැඩි පීඩා.. සහන සැලසීමට රජය වහාම කටයුතු කළ යුතුයි..

colombotoday