Colombo Today Local News

නියගයෙන් උ/නැගෙනහිර ජනතාවට දැඩි පීඩා.. සහන සැලසීමට රජය වහාම කටයුතු කළ යුතුයි..

උතුරු සහ නැගෙනහිර ප්‍රදේශයන්හි දැඩි නියඟයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට කඩිනමින් සහනාධාර ලබාදීමට වත්මන් රජය ක්‍රියාමාර්ග ගත යුතු බව විපක්‍ෂ නායක ආර්.සම්බන්ධන් ප්‍රකාශ කර ඇත. රටේ ඇතිවු ගංවතුර සහ නායයෑම් යනාදි ස්වාභාවික විපත් සම්බන්ධයෙන් පැවති සභාව කල් තැබු යෝජනාව පිළිබඳ විවාදයට සහභාගි වෙමින් විපක්ෂනායකවරයා මේ බව පවසා තිබෙනවා.

“උතුරු සහ නැගෙනහිර ප්‍රදේශයන්හි දැඩි නියඟයක් දැකගැනීමට ඇත. මෙම කරුණ සම්බන්ධයෙන් රජය අවධානය යොමුකර, පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහනාධාර ලබාදිය යුතුය. ඒ අතරම, ස්වාභාවික විපත් ඇතිවන අවස්ථාවේදී, ගන්නා ක්‍රියාමාර්ග සාර්ථකව ක්‍රියාත්මක කිරීමට පළාත් සහ දිස්ත්‍රික් මට්ටමින් බලය බෙදාහැරිය යුතු අවශ්‍යතාවයක් ඇත”යනුවෙන් ආර්.සම්බන්ධන් ප්‍රකාශ කර ඇත.

 

Related posts

මෙරට ක්‍රීඩා ඉතිහාසය අලුත් කළ දිනේෂ් ප්‍රියන්තට උසස්වීමක්

colombotoday

තත්ත්ව සහතිකය ලැබෙන තෙක් ආනයනික භාණ්ඩ මුදා හැරීම අත්හිටුවයි

colombotoday

හූනියමක් කරන්න තරුණයින් තිදෙනෙක් මවකගේ ඔළුව ගලවලා

Admin

ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය දැන් අවලංගුයි.. ෆෙඩරල් ව්‍යවස්ථාව හැකිනම් සම්මතකරගන්න !

colombotoday

රාජ්‍ය සේවක වැටුප් විෂමතා ගැන කැබිනට් තීරණය

colombotoday

යුරෝප සංගමය තුළ LTTEය තවදුරටත් තහනම් !

colombotoday