Colombo Today Local News

එංගලන්තයෙන් ගෙනා තවත් අපද්‍රව්‍ය බහාලුම් 82 ක් ආපසු පිටත් කර යවයි

ශ්‍රී ලංකාවට නීතිවිරෝධී ලෙස එංගලන්තයේ සිට ගෙන්වා තිබූ අපද්‍රව්‍ය බහාලුම් 242 න්, තවත් අපද්‍රව්‍ය බහාලුම් 82 ක්, කොළඹ වරායෙන් පිටත් වූ නෞකා 3 කින් ආපසු එංගලන්තය බලා අද(06)දින පිටත් කර යැවූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ අභියාචනාධිකරණයේ නියෝගය මත සහ මේ පිළිබඳව රේගුව විසින් පවත්වනු ලබන විධිමත් රේගු පරීක්ෂණයකින් ද මෙම අපද්‍රව්‍ය බහාලුම් ආපසු එංගලන්තය වෙත යැවීමට නියෝග ලැබී තිබේ.

කොළඹ වරායේ ගුදමක ගබඩා කර තිබූ මෙම අපද්‍රව්‍ය බහාලුම් 112 අතරින්, බහාලුම් 82 ක් 11/06 දින අලුයම ආපසු එංගලන්තය බලා ප්‍රති නැව් ගත කර තිබේ.

තවත් මෙම බහාලුම් 10 ක් අද (06)දින රාත්‍රීයේත් පිටත් කර හැරීමට නියමිත බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මේ ආකාරයට ඉකුත් 30දින ද කොළඹ වරායේ තිබූ අපද්‍රව්‍ය බහාලුම් 20 ක් එංගලන්තය වෙත ප්‍රති නැව් ගත කර තිබූ අතර , තවත් මෙවැනි අපද්‍රව්‍ය බහාලුම් 130 ක් කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි කර්මාන්තශාලාවක ගබඩා කර තිබේ.

මෙම ප්‍රති නැව් ගත කිරීම රේගු අධ්‍යක්ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජනරාල් ජී.වී.රවිප්‍රිය මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ රේගු අධ්‍යක්ෂ (සමාජ ආරක්ෂණ ) එස්.පී.අයි.බාලසූරිය, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් එස්.ආනන්ද ඊශ්වරන්, රේගු අධිකාරී අෂොරොෆ් සම්සුදීන්, සහකාර රේගු අධිකාරීවරුන් වන තිළිණි ජයසුන්දර සහ කේ.කේ.එම්.සලීම් යන නිලධාරීන් විසින් සිදු කර තිබුණි.

Related posts

කතරගම මහ පෙරහැරේ ගිය ඇතෙකු අත්අඩංගුවට ගනී

colombotoday

කොළඹ රෝහල් පරිශ්‍රවල මත්ද්‍රව්‍ය ජාවාරමක් | මෙහෙයුමෙන් ඇල්ලූ රෝහල් සේවකයා පාතාල නායකයා දිනුක් ගෝලයෙක්

colombotoday

ත්‍රීවිල් මීටරෙන් ගැහිල්ලක්… කොමිස් කන දේශපාලකයෝ කවුදැයි හෙළි කරයි !

colombotoday

ETCA “එන්ටර් ද කල්ලතෝනි” ආවොත් ආවමයි.. යවනව බොරු!

colombotoday

මන්ත්‍රී දූරය රැකගන්න රතන හිමි බලෙන් ජනපති සහ අගමැති පස්සෙ යනවා – JHU

colombotoday

අර්ජුන් මහේන්ද්‍රන් හොදායි කියන්න ඇමති මලික් හතර වටේ යයි… සේවා දිගුව ගන්න බරටම වැඩ

colombotoday