Colombo Today Local News

උපවාසයේ නියුතු හිමිනම එම ස්ථානයේම අපවත් කරවීමේ සැලසුමක්… උපවාසය අත්නොහරින්නැයි දැඩි බලපෑම් !

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය ප්‍රශ්න කරමින් මේ වන විට කොළඹ නිදහස් චතුරස්‍රෙය් උපවාසයක් ආරම්භ කර සිටින ආචාර්ය පූජ්‍ය ඉඟුරුවත්තේ සුමංගල හිමියන් තව දුරටත් උපවාසය පවත්වාගෙන යා නොහැකි බව පවසමින් සිටින බව වාර්තා වේ.

නමුත් ඒ සඳහා දැඩි විරෝධතාවයක් එම උපවාසය මෙහෙයවන්නන් විසින් සිදු කරමින් ඇති බව එම හිමියන්ට සමීප හිමිවරුන් විසින් සඳහන් කළහ.

කෙසේ වෙතත් මේ උපවාසය සම්බන්ධයෙන් ගෝටාභට රාජපක්ෂ මහතා හා ඔහුගේ පාර්ශ්වයේ කිසිවෙකුගෙන් උන්වහන්සේට ප්‍රතිචාරයක් මේ වන තෙක් දක්වා නැති අතර ඉදිරියේදී ද කිසිදු තැකීමක් නොකරනු ඇති බවද වාර්තා වෙයි.

මේ තත්ත්වය මත උන්වහන්සේ අපවත් වන තෙක්ම එම ස්ථානයේ රඳවා තැබීමට බලවත් උත්සාහයක් ගැනීමට උපවාසයෙන් මෙහෙයවන සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී පිරිස් විසින් කටයුතු කරමින් සිටින බවද දැනගන්නට ඇත.

මේ අතර මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් කියා සිටියේ මෙම උපවාසයේ යෙදෙන හිමියන් පැවිදි දිවියට ඇතුළු වී ඇත්තේ දැනට මාස හයකට පෙර බවත් උන්වහන්සේ අඩුම තරමේ උපසම්පදා භික්ෂුවක්වත් නොවන සාමනේර හිමිනමක් බවත්ය.

Lankacnews

Related posts

උඩරට දෙමළ ජනතාව අගයන්න කැබිනට් අනුමැතිය

Admin

දුම්රිය සේවය පුද්ගලිකකරණයට සූදානම්… මුල් පියවරට කැබිනට් අනුමැතිය !

colombotoday

ලබන සතියේ පාර්ලිමේන්තු දින 5ක්

colombotoday

එක්නැලිගොඩ ගැන අහන්න බුද්ධි අංශ නිලධාරිනියකුත් මුල්වරට CID කැඳවයි

colombotoday

පුපුරණ ද්‍රව්‍ය කිලෝ 40ක් විශ්වමඩු, උදයාර්කට්ටු ප්‍රදේශයේදී නාවික හමුදා මෙහෙයුමකින් සොයා ගනී

colombotoday

උතුරු සභාවේ ගෝරි.. ශිවාජිලිංගම් යකා නටයි.. මහඇමතිගේ මූණටම බැණවදී

colombotoday