extremism & terrorism activitiesWorld

ඉස්ලාමික ත්‍රස්තයින් කොංගෝ හී ගම්මාන දෙකකට පහර දෙයි. 20 දෙනෙකු මරුට

Allied Democratic Forces (ADF) නමැති ඉස්ලාමීය රාජ්‍ය (ISIS) ත්‍රස්තවාදීන් විසින් ඊසානදිග කොංගෝ හී ගම්මාන දෙකකට එල්ල කල ප්‍රහාරවලින් අවම වශයෙන් සිවිල් වැසියන් 20 දෙනෙකු මිය ගිය බව එරට හමුදාව උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත.

ඉස්ලාමීය රාජ්‍ය (ISIS) ත්‍රස්ත කණ්ඩායම සමඟ සම්බන්ධතාවයක් ඇති බව පවසන මිත්‍ර ප්‍රජාතන්ත්‍රවාදී බලකායේ (Allied Democratic Forces – ADF) ත්‍රස්තවාදීන් පසුගිය ඉරිදා ඉටුරි පළාතේ වුකාකා ගම්මානයට පහර දුන් බව කොංගෝ හමුදාව පවසයි.

සෙනසුරාදා අසල්වැසි උතුරු කිවු හි බියන්ගෝලෝ ගම්මානයට එල්ල වූ ප්‍රහාරයකින් තවත් පුද්ගලයින් 10 දෙනෙකු මිය ගිය බව එම පළාතේ හමුදා ප්‍රකාශක ඇන්ටනි මවාලුෂායි පැවසූ බව රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත.

Related posts

මූල්‍ය වංචාවකට වරදකරු වූ ආර්ජන්ටිනාවේ උපජනාධිපතිනියට වසර 6ක සිර දඬුවම්

Admin

ඉන්දියාවේ ක්ලෝරීන් ඩයොක්සයිඩ් කර්මාන්ත ශාලාවක ගින්නක්

colombotoday

ට්‍රම්ප් දෝෂාභියෝගයෙන් දිනුම්

colombotoday

න්‍යෂ්ටික සබ්මැරීන ව්‍යාපෘතියට රටවල් තුනක් එකඟ වෙයි

Admin

නිලධාරීන් ආධාර සොරකම් කරලා… සෝමාලියාවේ දුප්පතුන්ට ආධාර සැපයීම අත්හිටුවයි

Admin

ජූලි සිට ප්‍රංශයේ හලාල් තහනම්

colombotoday