ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනාට නැවත තනතුරු ලබා දී දිගටම ආණ්ඩුවේ රැදී සිටිමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙන බව එහි උප ලේකම් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.
ඉවත් වූ 16 දෙනාට නැවත තනතුරු ලබා දෙන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කළ බව හෙතම සදහන් කරයි.
ඊයේ 24 රාත්‍රියේ පැවති මධ්‍යම කාරක සභා රැස්වීමේදී එම 16 දෙනා ආණ්ඩුවෙන් ඉවත් වීම පිළිබද වචනයක්වත් කතා කොකළ බවද ඔහු කියා සිටී.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද 25 ශ්‍රීලනිප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.