Colombo Today Local News

ඉන්ධන මිල වැඩිකිරීමට විරෝධය දක්වමින් දකුණේ මන්ත්‍රී තිරික්කලයෙන් එයි

ඛනිජ තෙල් මිල වැඩි කිරීමට විරෝධය දක්‌වමින් දකුණු පළාත් සභා මන්ත්‍රී සම්බු ආරියවංශ (එ. ජ. නි. ස.) මහතා විසින් විරෝධතා පුවරු සවිකරන ලද තිරික්‌කලයක නැඟී ඊයේ (11 වැනිදා) රත්ගම හන්දියේ සිට හික්‌කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දක්‌වා පැමිණියේය.

මේ සඳහා සහාය පළ කරමින් හික්‌කඩුව නගර සභිකයෝ සහ රත්ගම ප්‍රාදේශීය සභාවේ සභිකයෝ විරෝධතා පුවරු සවිකළ පාපැදිවලින් එම තිරික්‌කලය සමඟ ගමන් කළහ.

“ජනතාවනි කොහොමද, යහපාලනේ හොඳද, බඩු මිල දැන් ලාභ ද, දැන් උඹලාට සතුටු ද”, “වැඩබැරි හිඟන ආණ්‌ඩුව පයින් ගසා එළවමු”, “මේකද යහපාලනේ”, “බෙලි මිරිකන පාලනේ”, “මේක හොඳයි පාලනේ, නල්ල මලේ පාලනේ” යන විරෝධතා පුවරු රැගෙන යනු දක්‌නට ලැබිණි.

Related posts

ඉන්ධන බවුසර් 3ක බලපත්‍ර අත්හිටුවයි

colombotoday

ජනපති අපේක්ෂකයෙක් තවම තෝරාගෙන නෑ

colombotoday

කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභා සභාපති කොවිඩ් ආසාදිතව මියයයි

colombotoday

වසන්ත කරන්නාගොඩට එරෙහි අධි චෝදනා ඉදිරියට ගෙන නොයන බව නීතිපති අධිකරණයට දන්වයි

colombotoday

පියාගේ මිත්‍ර පෙදරේරුවා දියණිය අපයෝජනය කරලා

colombotoday

විශ්වවිද්‍යාල නේවාසිකාගාර රාත්‍රී කාලයේ පරික්ෂා කරන්න තීරණයක්

Admin