Colombo Today Local News

ඉන්දීය කොරෝනා රෝගීන් දහස් ගණනක් ලංකාවට පනින්න බලන් රාමේෂ්වරම් වෙරලේ..

කොරෝනා රෝගය ආසාදනය වූ ඉන්දීය ජාතිකයන් නීති විරෝධී අයුරින් මුහුදු මාර්ග ඔස්සේ බෝට්ටුවලින් මෙරටට ඇතුළු වීමේ අවදානමක් ඇති බවට බුද්ධි අංශ අනතුරු අඟවයි.

මෙම පිරිස් මුහුදු මාර්ග ඔස්සේ මන්නාරම, යාපනය, හලාවත, පුත්තලම වැනි ප‍්‍රදේශවලින් මෙරටට ඇතුළු වීමට ඉඩ ඇති බව ද බුද්ධි අංශ කියා සිටියි.

කොරෝනා රෝගය ඉන්දියාව පුරා ඉතා තදින් ව්‍යාප්ත වෙමින් යන අතර රෝගය ආසාදනය වූ පුද්ගලයන්ට නිසි ප‍්‍රතිකාරයක් නොලැබෙන බව ද වාර්තා වෙයි.

එමෙන්ම කොරෝනා රෝගය තදින් ව්‍යාප්ත වීම නිසා ඉන්දීය ජාතිකයන් වැඩි පිරිසකට රැකියා අහිමි වී ඇති අතර ආහාර, ඇඳුම් වැනි මූලික අවශ්‍යතාවන් පවා සපුරා ගැනීමට නොහැකිව ලක්ෂ ගණනක් ජනතාව දැඩි පීඩාවට ලක් වෙමින් සිටිති.

මේ හේතුව නිසා අසරණ තත්ත්වයට පත්ව සිටින ඉන්දීය ජාතිකයන් බෝට්ටුවල නැඟී ශී‍්‍ර ලංකාවට ඇතුළු වීමට උත්සාහ කරන බවට තොරතුරු ලැබී ඇති බව ද බුද්ධි අංශ ආරංචි මාර්ග කියා සිටියි.

ශී‍්‍ර ලංකාව තුළ ඉතාම සාර්ථක අන්දමින් කොරෝනා රෝගය පාලනය කරන තත්ත්වයක සිටියදී මේ ආකාරයට එම රෝගය ආසාදනය වූ පුද්ගලයන් රටට ඇතුළු වුවහොත් බරපතළ තත්ත්වයක් උදාවනු ඇති බව ද බුද්ධි අංශ ආරංචි මාර්ග පවසයි.

Related posts

ඇමරිකාව අපට ඩොලර් මි. 486ක් පිනට දෙනවා… එය අරන් MCC ගිවිසුම අත්සන් කරනවා – මංගලගේ ලේකම්

colombotoday

ඇමති අනින් රාජ්‍ය වෙසක් උත්සවයේ ආගමික වතාවත් සජීවී විකාශය අතරමග අත්හිටුවයි

colombotoday

අපරාධ කල්ලි සාමාජික බැරල් සංඛ අත්අඩංගුවට

colombotoday

මිලියන 42කට අධික කේරළ ගංජා කිලෝ 141ක් නාවික හමුදා භාරයට

colombotoday

මොරටුව විශ්වවිද්‍යාලය ලබා දුන් ගෑස් වාර්තාව ප්‍රසිද්ධ කරන ලෙස ඉල්ලයි

colombotoday

ව්‍යාපාරිකයන් යැවූ අවුරුදු තෑගි ජනාධීපති කාර්යාලයෙන් නැවත හරවා එවයි…

colombotoday