ජනාධිපති ලේකම් කාර්යාලය අසල උද්ඝෝෂණ සදහා වෙන්කර ඇති භූමියේ අද පැවති උද්ඝෝෂණයක් අතරතුර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම ස්ථානයට පැමිණියේ ය.
මෙලෙස විරෝධතාවයේ නිරතවූයේ ඩෙංගු මර්ධන සහායකයන් පිරිසක් වන අතර, රැකියා ලක්ෂයේ වැඩපිළිවෙල යටතේ ඔවුන්ටද අවස්ථාව ලබාදෙන බව ජනාධිපතිවරයා එම පිරිසට ප්රකාශ කළේය.
උද්ඝෝෂණය කළ පිිරිසක් ඉදිරියට රාජ්ය නායකයෙකු ගිය අවස්ථාවක් මෙරට මෑත ඉතිහාසයේ වාර්තා නොවුණු තරමේ සිදුවීමක් විය.