Colombo Today Local News

ඉතාලියම නිරෝධායන මධ්‍යස්ථානයක් වෙයි… ලාංකිකයන්ටත් එරටින් පිටවීම තහනම් කෙරේ !

හදිසි හෝ අත්‍යාවශ්‍ය බව දැක්වෙන කරුණකින් තොරව කිසිදු ශ්‍රී ලාංකිකයකුට ඉතාලියේ සිට ශ්‍රී ලංකාවට පිටත්වීම එරට රජය විසින් තහනම් කර තිබෙනවා.

කොවිඩ් -19වයිරසය ශීඝ්‍රයෙන් පැතිර යාමටත් සමස්ත ඉතාලියම නිරෝධායනයට ලක්කිරීම හේතුවෙන් මෙලෙස ශ්‍රී ලාංකිකයන් ඇතුළු එරට සිටින සියලු විදේශිකයන්ට රටින් පිටවීමේදී දැඩි සීමවන් පැනවීමට ඉතාලි රජය පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

​මේ පිළිබඳ අදහස් පළ කළ රෝමයේ ශ්‍රී ලංකා වැඩබලන තානාපති සිසිර සෙනෙවිරත්න පැවැසුවේ පවුලේ ඥාතියකුගේ හදිසි මරණයක්, හදිසි රෝගී තත්ත්වයක් වැනි අත්‍යවශ්‍ය හෝ හදිසි තත්ත්වයක් පිළිබඳ කරුණු දැක්වීමකින් තොරව ශ්‍රී ලාංකිකයන්ට ඉතාලියෙන් පිටවීම තහනම් කර ඇති බවයි.

‘දැනට මුළු රටම වහලයි තියෙන්නේ. ඒ නිසා රටින් කිසිවකුට පිටවීමට අසීරුයි. කාට හරි රටින් පිටවෙන්න අවශ්‍ය නම් ළඟම ඥාතියෙකුගේ මරණයක් හෝ හදිසි අසනීප තත්ත්වයක් වගේ අත්‍යවශ්‍ය කාරණයක් පිළිබඳව හේතු දැක්වීමක් කළ යුතුයි. ඒ සඳහා දීර්ඝ ක්‍රියාපටිපාටියක් අනුගමනය කළ යුතුයි. මේ වෛරසය රටින් පිටවීම වැළැක්වීම සඳහා ඉතාලි රජයෙන් ගත්තු තීරණයක්.”

රටින් පිටවීම සඳහා සම්පූර්ණ කරන ලද ලේඛන ඉතාලියේ දේශ සීමා පොලිසියට ඉදිරිපත් කිරීමෙන් අනතුරු එහි අවසරය මත පමණක් රටින් පිටවීමට අවස්ථාව උදාවන බව වැඩබලන තානාපතිවරයා වැඩිදුරටත් පැවසුවා.

Related posts

අලුත් වාහන ගන්නේ බලාගෙනයි.. අලෙවිය තහනම් වූ ඉන්දීය වාහන මෙරට වෙළදපොළට !!

colombotoday

රාජ්‍ය ආයතනවල සභාපතිවරුන්ට හා අධ්‍යක්ෂවරුන්ට ඉල්ලා අස්වෙන්නැයි දන්වයි

colombotoday

සෞඛ්‍ය නිලධාරීන්ට බාධා කල මොරටුව නගරාධිපතිගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයි

colombotoday

වෛද්‍ය ෂාෆි ට එරෙහිව පැමිණිලි 723 ක්

colombotoday

Dialog සාමාගමෙන් තවත් අසාධාරණයක්. – පාරිභෝගිකයාගේ රැකියාව “මාධ්‍යවේදී” කීව සැනින් අසාධාරණය නිවැරදි කරයි.

colombotoday

විමල්ට විරුද්ධව බදුර්දීන් වාරණ නියෝගයක් ගනී

colombotoday