World

ඇෆ්ගනිස්තාන සෞඛ්‍ය ඇමැතිට කොරෝනා

ඇෆ්ගනිස්තාන සෞඛ්‍ය අමාත්‍ය ෆෙරෝසුදීන් ෆෙරෝස්ට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි එරට බලධාරීහු අද (8) ප්‍රකාශ කළහ.

පසුගිය දින කිහිපයේදී අමාත්‍යවරයා රෝග ලක්ෂණ පෙන්නුම් කළ බව ඔහුට වයිරසය තහවුරු වී ඇති බව තහවුරු කරමින් ඇෆ්ගනිස්තාන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශක වහීදුල්ලා මයාර් අන්දෝලු පුවත් සේවයට පැවැසීය. ඇෆ්ගනිස්තාන සෞඛ්‍ය අමාත්‍යවරයාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත්තේ බ්‍රහස්පතින්දා ය.
 
 ‘‘සෞඛ්‍ය අමාත්‍යවරයා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවෙනවා. ඔහු ඔහුගේ නිවසේම ස්වයං නිරෝධායනයට යොමු වී සිටිනවා’’ යැයි ද අමාත්‍යාංශ ප්‍රකාශක පැවැසීය.
 
 ඇෆ්ගනිස්තානය පුරා වයිරසය වේගයෙන් පැතිර යෑමේ අවදානමක් නිර්මාණය වී ඇත.
 
 අද (8) පස්වරු 2 වනවිට ඇෆ්ගනිස්තානයෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන 3,563ක් වූ අතර එරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 106ක් ලෙස දැක්විණි.

Related posts

නත්තල් උත්සවයකට ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරයක්. 7ක් මරුට.

colombotoday

ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ට Band-e-Amir ජාතික වනෝද්‍යානය තහනම් කෙරේ…

Admin

අගහරු වෙත යන කුඩා හෙළිකොප්ටර් යානය

colombotoday

කාබුල් නගරයේ නියෝජ්‍ය ආණ්ඩුකාරවරයා ඝාතනය කරේ

colombotoday

ජගත් ආරක්ෂක මණ්ඩලය රැස්වෙයි

Admin

ලූලා ද සිල්වා තුන්වන වරටත් බ්‍රසීලය භාරගනී…

Admin