Colombo Today Local News

ආර්යාව භාර්යාව කතා කිවුවට ගමේ මිනිස්සු ඉන්නේ සජිත් ප්‍රේමදාස එක්ක. හරින් ප්‍රනාන්දු

ආර්යාව භාර්යාව කතාවක් අල්ලාගෙන සජිත් ප්‍රේමදාස මහතාට සමාජ ජාලවලින් විනාශයක් කිරීමට උත්සාහ කළද ගමේ මිනිස්සුන්ට එය ප්‍රශ්නයක් නොවන බවත් ගමේ මිනිස්සු ඉන්නේ සජිත් ප්‍රේමදාස සමඟ බවත් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා අද (15) බදුල්ලේදී පැවසීය.

බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති උත්සවයකදී එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේ  ඇමතිවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී ඇමතිවරයා මෙසේද පැවැසීය,

“මේක එක්සත් ජාතික පක්ෂයට හා අපේ රටට දේශපාලන වශයෙන් එපා වුණ කාලයක්.  ඒකට සජිත් ප්‍රේමදාස මහතාගෙන් යම් කිසි බලාපොරොත්තුවක් ඇතිකරගන්න හැකියාව තිබෙනවා.

මොකද පැරණි ගතානුගතික ක්‍රමවේදයන්ට වඩා ලංකාව අවරුදු 52 ක නායකයෙකුට යනවා කීම තුළ මිනිසුන්ට රට ගැන විශ්වාසයක්  බලාපොරොත්තුවක් ඇතිකරගන්න පුලුවන්.

කතාවක් අල්ලාගෙන නොයෙකුත් සමාජ ජාලාවලින් මහා විනාශයක් කරන්න උත්සාහ කළත් ගමේ මිනිස්සු ආදරේ සජිත්ට. ඒක ආර්යාවද භාර්යාවද කියලා ගමේ මිනිස්සුන්ට ප්‍රශ්නයක් නැහැ. ගමේ මිනිස්සු ඉන්නේ සජිත් ඒක්ක.

ඒ වගේම රටේ බහුතරයක් ඉන්නේ සජිත්ට. ඒ නිසා මම විශ්වාස කරනවා මේ ආණ්ඩුව අපි හවුල් ආණ්ඩු කරගෙන ගිහිල්ලා වැටිච්චි වලෙන් ගොඩ යන්න නම් රට ගැන බලාපොරොත්තුවක් තියන්න නම් එකම පවුලකට බලය දෙනවාට වඩා අයියගෙන් මල්ලිට, මල්ලිගෙන් බාප්පාට අම්මගෙන් පුතාට යනවාට වඩා ප්‍රේමදාස කියන අරුත්බර නමක් තිබෙන 1995 ඉදලා පූර්ණ කාලීනව කටයුතු කර ඇති ගම්මු ආදරේ පුද්ගලයෙක් තමයි සජිත් ප්‍රේමදාස.

ඒනිසා මේ ජනාධිපතිවරණයේදී මිනිස්සු කැමති නායකයෙකුට අපි ඉඩ දෙන්න ඕන.ඒකයි හරි ක්‍රමවේදය‘‘ බව ඇමති හරින් ප්‍රනාන්දු මහතා පැවසීය.

Related posts

ඒකාබද්ධ පොදුජන පෙරමුණේ මංගල රැලිය මහින්දගේ ප්‍රධානත්වයෙන් අද

colombotoday

ෆොන්සේකාගේ අවළාදයට ඇල්ලේ ගුණවංශ හිමිගේ නෙතට කදුළක් උනයි… දැඩි ප්‍රකාශයකුත් කරයි

colombotoday

“රාජපක්ෂ හිටියනම් වාහන මිල වැඩිවෙන්නේ 400%න්.. අපි නිසා මෙහෙමවත් බේරුණා” – නියෝජ්‍ය ඇමති හර්ෂ

colombotoday

ඇමතිකමක් නුදුන්නා කියා ජනපතිට එරෙහිව පියසේනත් නඩු යයි…

colombotoday

මොරටුවෙන් ජීව අත්බෝම්බයක් හමුවෙයි

colombotoday

සහල් ආනයනට පෞද්ගලික අංශයට අවසර

Admin