Colombo Today Local News

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා අත්අඩංගුවට ගන්නවා – CIDය අධිකරණයට දැනුම් දෙයි..

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතා ඉදිරි සතිය තුළදී අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (19දා) දැන්වීය.

ඒ තරුණයන් 11 දෙනෙක් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් විභාග වන නඩුව අද කැඳවූ අවස්ථාවේදීය.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් කරුණු ඇති බවත් ඔහුව ඉදිරි සතිය තුළදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට අවශ්‍ය ලිපි සකස් කර ඇති බවත් එම දෙපාර්තමේන්තව සඳහන් කළේය.

රහස් පොලීසිය වෙනුවෙන් පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා අධිකරණයට කරුණු වාර්තා කළේය.

Related posts

අයවැයෙන් වෙන්කල මුදල් සොයන්නයි VAT වැඩි කලේ – ඇමති රාජිත

colombotoday

ජාජබ විරෝධයට පහර නොදුන්නැයි පොලිසිය කරුණු පැහැදිලි කරයි

Admin

බටල්ගලදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි.. අයෙක් මරුට

colombotoday

ක්‍රිඩා අමාත්‍යංශ ලේකම් ජනාධිපති කාර්යාලයට කැඳවයි

Admin

ආචාර්ය අතුලසිරි සමරකෝන් RIC සාමාජිකත්වයෙන් ඉවත් වෙයි

colombotoday

විරෝධතාවන් සදහා වරාය සේවකයින් උසි ගැන්වීම පසුපස කුමන්ත‍්‍රණයක්

colombotoday