Uncategorized

ආරක්ෂක අමාත්‍යාංශයේ වෙඩිපිටිවලත් මුස්ලිම් අන්තවාදීන් පුහුණු වෙලා !!

රට පුරා ඇති වෙඩි පුහුණු පිටි භාවිත කරන වෙඩි තැබීමේ සංගම්වල අධීක්ෂණය කටයුතු නොකිරීම ජාතික ආරක්ෂාවට බලවත් තර්ජනයක් වී ඇතැයි වාර්තා වේ. 1918 ආරක්ෂක පනතේ විධි විධාන උල්ලංඝනය කරමින් එම සංගම්වල සාමාජිකයින් පුහුණුවීම් සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමත වෙඩි පුහුණු පිටි භාවිත කරන අතර එම ස්ථානවලට අන්තවාදී කණ්ඩායම් සාමාජිකයින් පැමිණ ඇති බවට සැක මතුවී ඇත.

රට පුරා ඇති වෙඩි තැබීමේ සංගම්වලට මෙම වෙඩි පිටි භාවිත කිරීමට අවසර දී ඇත්තේ 1988 ආරක්ෂක පනත උල්ලංඝනය කරමිනි. පසුගියදා මාතලේ, ප්‍රධාන වීදියේ ​ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසලක හිමිකරුවකු අත්අඩංගුවට ගැනීමෙන් පසු මේ බව තහවුරු වී ඇත.

ඔහුද වෙඩි තැබීමේ සංගමයක ප්‍රධාන තනතුරක් දරන අයෙකි. 1988 ආරක්ෂක පනතට අනුව වෙඩි තැබීමේ සංගම් ගිනි අවි සහ පතොරොම් තැබිය යුත්තේ ළඟම ඇති පොලිසියේය. එසේම පුහුණුවීම් කරන අවස්වාවල පොලිස් නිලධාරියකු අදාළ ස්ථානයේ රැඳී සිටීම අනිවාර්ය වේ.

එහෙත් යුද හමුදාවට ලැබුණු තොරතුරක් මත ඔහුගේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසලේ රහස් කුටියක සඟවා තිබූ මිලිමීටර් නවයේ පිස්තෝල උණ්ඩ 780ක් හා යුද හමුදා නිල ඇඳුම් කට්ටලයක් සොයා ගෙන තිබේ. කෙසේ වෙතත් සැකකරුට ඇප ලැබෙන ආකාරයට එහි උසස් පොලිස් නිලධාරීන්ගේ උපදෙස් මත කට උත්තරයක් සකස් කර තිබේ. ඔහුට ඇප ලබාදෙන ආකාරයට කටයුතු කරන ලෙසට ඉහළ ​පොලිස් නිලධාරීන් විශාල පිරිසක් බලපෑම් කර ඇත.

සැකකරු අන්තවාදීන්ට සහයෝගය දක්වන බවටත් වෙඩි පුහුණු සංගමය හරහා ඔවුන්ගේ පුහුණුවීම්වලට අවස්ථාව ලබා​දෙන බවට වූ බුද්ධි වාර්තාවක් එක්තරා නිලධාරියකු විසින් පළාතේ ඉහළ ​පොලිස් නිලධාරියෙකුට ලබාදී ඇති අතර එහිදී ඔහුට එම නිලධාරියා බැණ වැදී තිබේ. අවසානයේ එම බුද්ධි වාර්තාව ඉදිරිපත් කළ පොලිස් පරීක්ෂකවරයාට ස්ථාන මාරුවක්ද ලබාදී ඇති බව වාර්තා වේ.

ඒ ආකාරයට මෙම වෙඩි පුහුණු සංගමයේ නිලධාරියා බේරා ගැනීමට ඉහළ පොලිස් නිලධාරීන් රැසකගේ බලපෑම් ලැබී ඇති අතර ලබන 28 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ඔහුට මෝසමක් ඉදිරිපත් කර ඇප ලබා ගැනීමේදී පොලිසිය ඊට විරෝධයක් දක්වා නොමැත.

කෙසේ වෙතත් මේ ආකාරයට රට පුරා ඇති වෙඩි පුහුණු සංගම්වල සහ මධ්‍යස්ථානවල තනතුරුවල විශ්‍රාමික හා දැනට සේවයේ සිටින ඉහළ පොලිස් නිලධාරින් හා යුද හමුදා නිලධාරීන් සිටින නිසා ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් පිළිනොපදින බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ ගිනි අවි පාලන අංශයෙන් කළ විමසීමේදී එහි ඉහළ නිලධාරියකු පැවසුවේ මෙකී ගැටලු පිළිබඳ වාර්තා වී ඇති නිසා ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බවයි.

Related posts

සුදුලූනු වංචාව හෙළි කළ තුෂාන් සීඅයිඩීයට කැඳවයි

colombotoday

සමන් රත්නායකත් CIDයට

Admin

අන්තවාදී මතවාද පැතිරවීමේ චෝදනා මත එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටුවහල් කළ පුද්ගලයෙකු TID අත්අඩංගුවට

colombotoday

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම හෙට සිට

colombotoday

සහරාන්ගේ පුපුරණ ද්‍රව්‍ය ගබඩාව ගැන ඔත්තුව දුන් අයට ලක්ෂ 50ක තෑග්ගක්..

colombotoday

හැටන් ප්‍රධාන කාන්තා පාසලක නේවාසිකාගාරයක සිසුවියන් 20 ක් ඇතුළු පිරිසක් නිරෝධායනයට.

colombotoday