Colombo Today Local News

ආණ්ඩුව අභ්‍යන්තරයේ අගමැති රනිල් සහ මුදල් ඇමති රවී අතර ගැටුම්

ranil-karu-640x400

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනයේ ප්‍රධාන විධායකයා ලෙස මුදල් ඇමතිවරයා විසින් පත්කර තිබූ ඔහුගේ ඥාතියා ඉවත් කොට අගමැතිවරයා විසින් පත්කළ තැනැත්තා ඊයේ (11) වැඩ භාර ගැනීමට ගිය අවස්ථාවේ මුදල් ඇමතිවරයාගේ හිතවතුන් පිරිසක් විසින් පහර දී එළවාදමා ඇතිබව වර්තවෙනවා.

කීත් බර්නාඩ් නැමැත්තෙකු අගමැතිවරයාගේ නිර්දේශය මත රාජ්‍ය ව්‍යවසාය අමාත්‍ය කබීර් හෂීම් මහතා විසින් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායකයා ලෙස පත්කර ඇත.

මේ අතර ඊයේ (11) අගමැතිවරයා සහ හිල්ටන් හෝටලයේ අධ්‍යක්ෂක මණ්ඩලය අතර හමුවක් සිදුවී ඇත. හිල්ටන් කාර්යමණ්ඩලය අගමැතිවරයා වෙත අවධාරණය කොට ඇත්තේ හිල්ටන් හෝටලය අයත් වන්නේ මහා භාණ්ඩාගාරයට බවත් මහා භාණ්ඩාගාරය අයත් වන්නේ මුදල් අමාත්‍යංශයට වන බැවින් රාජ්‍ය ව්‍යවසාය අමාත්‍යංශයට හිල්ටන් හෝටලයේ අධ්‍යක්ෂක මණ්ඩලය සම්බන්ධයෙන් කටයුතු කිරීමට බලයක් නොමැති බවයි.

මෙම කරුණු දැක්වීමෙන් කෝප වී ඇති අගමැතිවරයා හිල්ටන් හෝටලයේ අධ්‍යක්ෂක මණ්ඩලයට සහ සභාපති තුමියට පවසා ඇත්තේ නීති තර්ක නොදමා වහාම තම අණ පරිදි ඉල්ලා අස්වන ලෙසයි.

Related posts

ඥානසාර හිමි වැඩමකළ අවස්ථාවේ ව්‍යාජ හැඳුනුම්පතකින් දළදා මාලිගයට ඇතුළුවූ මුස්ලිම් ජාතිකයෙකු අත්අඩංගුවට

colombotoday

විජයග්‍රහණ පෙළපාලිය නැවැත්වීම ඉතා හොදයි.. දැන් කොටි නිදහස් කරනු – ගෝලීය ද්‍රවිඩ සංසදය

colombotoday

ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අධිකරණයට ඉදිරිපත් වේ..

colombotoday

මහ බැංකුව අගමැති මහින්ද යටතට…

colombotoday

රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රැඳවියෙක් පැනගිහින්

colombotoday

“ගිය ආණ්ඩුව වරායවල් හදන්න චීනයට දුන්නා. අපි ලංකාවේදී නැව් හදන්න ඉන්දියාවට දෙනවා” – ලක්ෂ්මන් කිරිඇල්ල

colombotoday