Colombo Today Local News

අවස්ථානුකූලව නියෝග පැනවීමට සෞඛ්‍ය අධ්‍යක්ෂකට බලය ලබාදෙමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය සම්පූර්ණයෙන් පාලනය කරන තුරු අවස්ථානුකූලව නියෝග පැනවී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ට තවදුරටත් බලාත්මක කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය අති විශේෂ ගැසට් නිවේදනයක් අද (10 වැනිදා) රාත්‍රී නිකුත් කිරීමට නියමිතය.

සඳුදා සිට බලපැවැත්වෙන පරිදි රට විවෘත කිරීමෙන් පසු රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල සහ ජනතාවගේ සනීපාරක්ෂක කටයුතුවලට බලපාන රෙගුලාසි එම ගැසට් නිවේදනයට ඇතුළත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළේය.

රෝග හා නිරෝධායනය වැළැක්වීමේ පනත යටතේ මෙම රෙගුලාසි පනවනු ලැබේ. එම ගැසට් නිවේදනය සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ අත්සනින් නිකුත් කිරීමට නියමිතය. කෙළ ගැසීම, බුලත් කෙළ ගැසීම පාලනය කිරීම, රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සිටිය යුතු උපරිම සංඛ්‍යාව වැනි කරුණු සඳහා ද මෙම ගැසට් නිවේදනයෙන් රෙගුලාසි පනවා තිබේ.

මේ අතර රෝග සහ නිරෝධායනය වැළැක්වීමේ පනත යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශය ගැසට් කර ඇති සෞඛ්‍ය සිරිත් පිළිබඳව ඉදිරි දෙසතිය තුළ ජනතාව දැනුවත් කිරීමට පොලිසිය තීරණය කර ඇත.

මෙම සෞඛ්‍ය සිරිත් උල්ලංඝනය කරන පුද්ගලයන් ඉන් පසු අත්අඩංගුවට ගැනීමට නියමිත බව නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහන පවසයි.

නිරෝධායන නීති මත රට විවෘත කිරීම, කාර්යාල, ෆාමසි සහ කර්මාන්ත, වෙළෙඳසල් විවෘත කිරීම මෙහිදී සිදුවෙයි. මෙම කාලය තුළදීද රැකියා සඳහා අවසර හිමි අයට පමණක් සේවා ස්ථාන සඳහා ගමන් කළ හැකිය. වෙනත් සාමාන්‍ය වැසියන් ජාතික හැඳුනුම්පතේ අංක භාවිත කරමින් ළඟම පිහිටි වෙළෙඳසලට හෝ ෆාමසියට පමණක් ගමන් කළ හැකිය. මෙම නීතිරීති බස්නාහිර පළාත් සහ පුත්තලම දිස්ත්‍රික්කයට පමණක් වලංගු වෙයි.

පදිංචි ස්ථානයද සනාථ කළ යුතු බව නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේය.

Related posts

රවී ඉවත් කරන්න මම කීයටවත් ඉඩ දෙන්නෑ – අගමැති

colombotoday

මහ කන්නයට කාබනික පොහොර ආනයනයට අවසර

colombotoday

දකුණු පැසිෆික් සාගරයේ රික්ටර් මාපකයේ ඒකක 7.2ක ප්‍රබල භූ කම්පනයක්

Admin

ජීවත් වෙන්න පහසුම රටවල් අතරින් ලංකාව 73 වැනි තැනට.. ඉන්දියාව අපට පහළින් 130

colombotoday

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ යැයි සැක කෙරෙන ඇතැම් මැති ඇමතිවරුන් ආරක්ෂා කරන බවට විමල්ගෙන් මැකො ට එරෙහිව චෝදනා

colombotoday

සාරි අනිවාර්ය කිරීමේ චක්‍රලේඛය අහෝසි කරයි

colombotoday