අවසන් වසරේ වෛද්‍ය විද්‍යාල සිසුන් ලබන ජුනි මස 15 වෙනිදා යලි සරසවි වෙත කැඳවීමට තීරණය කළ බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ප්‍රකාශ කර සිටි.
එලෙස කැඳවනු ලබන සිසුන් දින 14ක නිරෝධායන ක්‍රියාවලියකට යොමු කරන බවයි එම කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග ප්‍රකාශ කරනු ලැබුවේ.
මෙහිදී නේවාසිකාගාර වෙන් කිරීමේදී එක් වෛද්‍ය සිසුවෙකුට එක් කාමරයක් බැගින් වෙන් කරන බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ උපදෙස් මත එම ක්‍රියාව සිදුකරන බවයි ඔහු සඳහන් කලේය.
අවසන් වසරේ වෛද්‍ය සිසු සිසුවියන් ගේ විභාග කටයුතු මෙහිදී සිදුකිරිමට බලාපොරොත්තු වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කලේ.