Colombo Today Local News

අලුත් ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට මුල්තැන දී අනිත් ආගම්වලට සමතැන දෙනවා – රවී

බෞද්ධාගමට මුල් තැන දී අනෙක් ආගම් වලට සම තැන් දී කටයුතු කිරීම යෝජිත නව ව්‍යවස්ථාවේ ප්‍රමුඛ ලක්ෂණය වන්නේ යැයි විදුලි බල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

ඊයේ (14) පෙරවරුවේ පැවති උත්සව අවස්ථාවකට සහභාගි වෙමින් ඔහු මේ බව පැවැසීය.

“අපිට අවශ්‍ය වන්නේ සිංහල, දෙමල, මුස්ලිම්, බර්ගර්, මැලේ යන සෑම ජන කොට්ඨාශයකටම මගේ රට කියලා කියන්න පුළුවන් ආකාරයේ රටක් හදන්න. ඒ සඳහා තමයි අපි නව ව්‍යවස්තා කෙටුම්පතක් ඉදිරිපත් කළේ.අපි බෞද්ධ රටක්.

ඒ නිසා බෞද්ධාගමට මුල් තැන දීලා, අනෙක් සියළුම ආගම් වලට සම තැන් දීලා කටයුතු කිරීම තමයි අපේ අළුත් ව්‍යවස්ථාවේ තිබෙන ප්‍රමුඛ ලක්ෂණය. ඒක තුළින් අපි හිතනවා මෙතෙක් රට තුළ ඇතිවී තිබෙන අසමගිතාවය තුරන් කරන්න හැකි වෙයි කියලා. අද ඒ ගමන තමයි අපි යන්න අවශ්‍ය වන්නේ”

Related posts

ඉන්දු පැසිපික් කලාපයේ වටිනාම භූමිය ඇත්තේ ශ‍්‍රී ලංකාවේ – ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය කියයි

colombotoday

පියවරෙන් පියවර ඊළම එන්නේ මෙහෙමයි

colombotoday

අලිමංකඩ ප්‍රහාරයට චෝදනා ලද මහ කොටියකුට නිදහස

colombotoday

කොමිස් අඩු කළැයි තෙල් බෙදුම්කරුවන් ඇණවුම් අත්හිටුවයි

colombotoday

චාමර සම්පත්ට ඇප ලැබෙයි

Admin

ගෝඨාට එරෙහි ඇමරිකාවේ නඩු බල රහිත වේ !

colombotoday