Colombo Today Local News

අලුත් ව්‍යවස්ථාවෙන් පොලිසිය කැබලි 10කට වෙන් වෙයි… උතුරේ පොලිසිය මෙහෙයවීම බෙදුම්වාදීන් අතට…

අගමැතිතුමා පොලිසිය කෑලි කැඩෙන්නේ නැති බවට බොරු කීවත් ගෙන ඒමට නියමිත යෝජිත ව්‍යවස්ථාවෙන් පොලිසිය කෑලි 10කට කැඩෙන බව එම ව්‍යවස්ථාවේ 254 ඡේදයේ සඳහන් වෙනවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල පැවැසීය.

ඊයේ (21දා) පිවිතුරු හෙළ උරුම පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී මෙලෙස පැවැසූ ඒ මහතා මෙසේද කියා සිටියේය.

අගමැතිතුමා මේ දිනවල දිනපතා කියන කතාවක් තියෙනවා.

ඒ තමයි නව ව්‍යවස්ථාවක් තබා ව්‍යවස්ථා කෙටුම්පතක්වත් ඉදිරිපත් කර නැති බව. බොරුවට බිල්ලන් මවලා ජනතාව බියවද්දනවා කියලත් කියනවා.

මේ තියෙන්නේ අගමැතිතුමා විසින් ජනවාරි 11දා ආණ්ඩුක්‍රම සම්පාදක මණ්ඩලයට ඉදිරිපත් කළ ලේඛනය. ඒකේ පළමු පිටපතේ තියෙන්නේ මෙහෙමයි.

‘ශ්‍රී ලංකාවේ මහජනතාව වන අප විසින් අපගේ ස්වෛරීභාවය ක්‍රියාත්මක කිරීමේදී අපගේ උත්තරීතර වාර්ගික, ආගමික, භාෂාමය සහ සංස්කෘතික විවිධත්වය අගයමින් මෙයින් මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අප වෙනුවෙන් සහ ශ්‍රී ලංකාවේ අනාගත පරපුර වෙනුවෙන් ප්‍රදානය කර සිටිනු ලැබේ.’

දැන් මේ ලේඛනයට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියලා තිබෙන්නේ අපිද? නැතිනම් අගමැතිතුමාද?

පොලිසිය කෑලිවලට කැඩෙන්නේ නැති බවට අගමැතිතුමා බොරු කියමින් සිටියත්, පොලිසිය කෑලි 10කට කැඩෙන බව යෝජිත ව්‍යවස්ථාවේ 254 ඡේදයේ සඳහන් වෙනවා. ඇත්තටම ලංකාව වගේ පුංචි රටකට පොලිසිය කෑලි දහයකට කැඩුවොත් කුමක් වේවිද?

විග්නේශ්වරන් වැනි අන්තවාදී මහ ඇමැතිවරයකු යළි උතුරු පළාත් සභාවට පත් වුවහොත් යළිත් බෙදුම්වාදී යුද්ධයක් ඇතිවීමේ අනතුරක් තියෙනවා. එදාට යුද්ධය ඇති වෙන්නේ ශ්‍රී ලංකා හමුදාව සහ ත්‍රස්තවාදීන් අතර නොව ශ්‍රී ලංකා හමුදාව සහ උතුරේ පොලිසිය අතරයි. ඉන්දියාව ත්‍රස්තවාදීන්ට අවි සැපයුවේ හොරෙන්.

නෝර්වේ පුහුණුව සැපයුවේ හොරෙන්. නමුත් උතුරේ යුද්ධය කරන්නේ නීත්‍යනුකූල පොලිසිය නම් විදේශ බලවේගවලට එළිපිටම ඒ අයට සහාය දක්වන්න පුළුවන්.

ඒ නිසා පොලිසිය කෑලි දහයකට කඩලා මේ රට යළි ගොඩ පැමිණිය නොහැකි වළකට ඇද දමන්න එපා කියා අපි අගමැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

Related posts

දුම්රියෙන් ඇද වැටී තරුණයෙක් මරුට

colombotoday

“යුගදනවි ගිවිසුමේ මූලික කරුණුවලට නීතිපති අනුමැතිය ලැබුණා’’ – විදුලිබල මණ්ඩලයේ සභාපති

colombotoday

අනතුරින් දරුවකු බේරා ගැනීමට ගිය කොස්තාපල් බසයක ගැටී රෝහලේ

colombotoday

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ගැඹුරු පීඩන අවපාතය ත්‍රීකුණාමලය වෙරළට කිලෝමීටර් 280 ක් දුරින්

colombotoday

දුක කියන්න ආ වව්නියාව සිංහල වැසියෝ පැය 3ක් අව්වේ කරවෙයි.. රජයේ බලධාරියෙක් අහලක ඇවිත් නෑ

colombotoday

ජනපති ජෛව විවිධත්වය පිළිබඳ රාජ්‍ය නායක සමුළුව විඩියෝ තාක්ෂණය ඔස්සේ අමතයි

colombotoday