Colombo Today Local News

“යුගදනවි ගිවිසුමේ මූලික කරුණුවලට නීතිපති අනුමැතිය ලැබුණා’’ – විදුලිබල මණ්ඩලයේ සභාපති

යුගදනවි බලාගාරයට අදාළව අත්සන් කළ ගිවිසුමෙහි ඇති මූලික කරුණු සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ අනුමැතිය ද ලබාගත් බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.සී ප්‍රදිනාන්දු මහතා පැවසීය

ලංකා විදුලිබල මණ්ඩලය මේ වන විට විශාල අර්බුදයකට මුහුණ පා ඇති බවත්, අඩු පිරිවැයකින් විදුලිය නිපදවීමේ ක්‍රියාවලියකට කඩිනමින් යොමු නොවුවහොත් ජනතාවගේ විදුලි බිල මත එම බර පැටවීමට සිදුවන බවත් එහි සභාපතිවරයා කීවේය.

අඩු පිරිවැයකින් විදුලිය නිපදවීමේ වැඩපිළිවෙලක් ලෙස කෙරවලපිටිය යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් වන යෝජනාව ඉදිරිපත් වී ඇති බව දසභාපතිවරයා සඳහන් කළේය.

මෙම ගිවිසුම රාත්‍රියේදී අත්සන් කරන්නට සිදුවූයේ අදාළ කරුණු ඉදිරිපත් කරමින් නීතිපතිවරයාගේ අනුමැතිය ලබාගැනීමට බොහෝ වේලාවක් ගත වූ නිසා යැයි ද සභාපතිවරයා කීවේය.

ගිවිසුම අත්සන් කළ ඉකුත් සැප්තැම්බර් 17 වැනිදා පස්වරු 4.30ට එය අත්සන් කිරීමට තීරණය කර තිබුණත් භාණ්ඩාගාර නිලධාරීන්, ඊට අදාළ ඇමෙරිකා පාර්ශවය, එරට නීතිවේදීන්, ආදී සියල්ල සමඟ සූම් තාක්‍ෂණය ඔස්සේ සාකච්ඡා කර නීතිපතිවරයාගේ අනුමැතිය ලබාගන්නා විට රාත්‍රිය උදා වී තිබූ බවත්, ඇමෙරිකානු සමාගමේ නියෝජිතයන් එදින මෙරටින් පිටවීමට සූදානමින් සිටි නිසා රාත්‍රියේ එය අත්සන් කළ බවත් ඔහු ප්‍රකාශ කළේය.

එමෙන්ම එරට නීතිවේදීන් සමඟ නීතිපතිවරයා සාකච්ඡා කරන විට එරට වේලාව ගැනත් සැලකිලිමත්වීමට සිදුවූ බව ද සභාපතිවරයා පැවසීය.

එම්.සී ප්‍රදිනාන්දු මහතා මේ බව පැවසුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දී අද(3)දින පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

Related posts

කුරුදු, ගම්මිරිස් සහ කරාබුනැටි මිල යලිත් ඉහළට

colombotoday

විදේශීය නාවිකයන් පිරිසක් මෙරටට ගෙන එයි

colombotoday

චෝදනා බොරු… – තමා නිවැරදිකරු බව තිළිණි ප්‍රියමාලි බන්ධනාගාර විනිශ්චය මණ්ඩලයට කියයි

colombotoday

ඇඳිරි නීතිය කඩ කළ 64,779ක් අත්අඩංගුවට

colombotoday

මන්ත්‍රීවරුන් බොහෝ දෙනකු මහමගට වැටුණා… කරාබු දාගත් රැවුල් වවා ගත් අයකරන අරගල ගැන මට ප්‍රශ්නයක්

colombotoday

“මගේ ගමන නවත්වන්න කොටින්ට බෑ” කොටි කුලප්පුවට මහින්දගෙන් සිනාමුසු ප්‍රතිචාර

colombotoday