Colombo Today Local News

අලුත් ව්‍යවස්ථාවකින් දේශපාලන විසඳුමක් දෙනවා. – රනිල් පාර්ලිමේන්තුවේදී පොරොන්දු වෙයි

ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර ගැටලුව සම්බන්ධයෙන් නොබෙදුණ ශ්‍රී ලංකාවක් තුළ සෑම දෙනෙකුටම පිළිගත හැකි විසඳුමක් ලබාදෙන බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ඔහු වෙනුවෙන් විශ්වාසය පළ කිරීමේ යෝජනාව ඡන්ද 117කින් සම්මත වීමෙන් පසුව පාර්ලිමේන්තුව අමතමින් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේය.

” ඔක්තෝබර් 26 කුමන්ත්‍රණය පරාජය කිරීමට ලැබුණ සහායට ස්තූතියි. ව්‍යවස්ථාව තමයි රටක ප්‍රධාන නීතිය. ව්‍යවස්ථාව අනුව ක්‍රියා කරන්නයි අපි ඔක්කොම කියන්නේ.

හැම කෙනාම කියන්නේ ව්‍යවස්ථව අනුව කටයුතු කරන්න කියලයි. මන්ත්‍රීවරු 122ක් සභාවේ බලය ආරක්ෂා කරන්න කටයුතු කර තිබෙනවා. අපේ වැරදි තිබෙනවා. ප්‍රධාන පක්ෂ දෙකක් එකට එකතු වී කටයුතු කළ නිසා අපිට වේගයෙන් යන්න බැරිවුණා.

ජනාතාව දුක් වින්දා. අපිට විශාල ණයක් ගෙවන්න තිබුණා. අධ්‍යාපනයට, සෞඛ්‍යයට නිවාස වෙනුවෙන් අපි විශාල මුදලක් වෙන් කළා. මාසයක තිස්සේ අපි පස්සට ගියා. රටට හානියක් වෙලා තිබෙනවා. මෙය නිවරදි කරන්න පුළුවන්.

අපි සංවර්ධනය ඉදිරියට ගෙනියනවා. ද්‍රවිඩ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න බැරිවෙලා තිබෙනවා. අලුත් ව්‍යවස්ථාවකින් ඒ්කීය රාජ්‍යයකින් නොබෙදුණ රටක් තුළ සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ජනතාවටම පිළිගත හැක විසඳුමක් දෙනවා. පළාත් සභා ශක්තිමත් කරනවා.

විධායක ජනපතිකම නැතිකිරිමටත් අපි කැපවෙලා තිබෙනවා. අපි ක්‍රියා කර තිබෙන්නේ අපේ පරමාධිපත්‍ය ආරක්ෂා කිරීමටයි. යුද්ධයෙන් පස්සේ ජනතාවත් ඒක්ක සාකච්ඡා කර ‌‌දේශපාලන විසඳුමකට යනවා.”

Related posts

වැල්ලම්පිටියේ සිදුකළ වැටලීමකදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 23ක් සමග අයෙක් අත්අඩංගුවට

colombotoday

අරිසිමලේ ආරණ්‍ය සේනාසනයට එරෙහිව කොටින්ගෙන් ජිනීවා වෙත පැමිණිල්ලක්

colombotoday

“වාද විවාද අනවශ්‍යයි…” භූමිතෙල් වැඩිකළ හේතුව අගමැති හෙළිකරයි…

colombotoday

බීමතින් සිපගන්න හැදුවැයි උරණ වී මරා දාලා

Admin

තරුණ කටයුතු සාගලට.. ඩිජිටල් ඇමතිට විදේශ රැකියා – කැබිනට් ඇනිල්ලේ අලුත් තනතුරු මෙන්න

colombotoday

ජවිපෙ ඉටුකරන්න යන්නේ බෙදුම්වාදීන්ගේ වුවමනාවයි. – මුසම්මිල්

colombotoday