නව අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ කැබිනට් මණ්ඩලය හෙට දිනයේ දිවුරුම් දීමට නියමිත බවට ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සදහන් කරනවා.
එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියේ, ඇමති මණ්ඩලය 10 දෙනෙකුට සීමා වන බවත් ජනවාරි පළමු වැනිදා විසුරුවා හැර පාර්ලිමේන්තු මැතිවරණයක් කැදවීමට ජනාධිපතිවරයා සහ මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශවය එකගතාවකට පැමිණ ඇති බවයි.