රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අර්ජුන් ඇලෝසියස්ගේ සුවදුක් විමසීම සදහා පාර්ලිමේන්තු මන්ත්රීවරුන් පිරිසක් මැගසීන් බන්ධනාගාරයට ගොස් ඇතැයි ජවිපෙ නායක අනුර දිසානායක මහතා පවසයි.
පාර්ලිමේන්තුවේ ඊයේ පැවති බැදුම්කර කොමිසමේ වාර්තාව හා බරපතල වංචා දූෂණ විමර්ශන කොමිසමේ වාර්තාව පිළිබදව විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව කියා සිටියේය.
එම පිරිස කවුදැයි පාර්ලිමේන්තුව නම් ගව් ඉදිරිපත් කල යුතු බවත් කී මන්ත්රීවරයා පාර්ලිමේන්තුවට කිසිවෙකු එම නම් ඉදිරිපත් නොකරයි නම් ඒවා හෙලි කිරීමට තමන් සූදානම් බවද සදහන් කලේය.