Colombo Today Local News

අරන්තලාව භික්ෂු ඝාතනය සිදුකළ දැනට ජීවත්ව සිටින ත්‍රස්තවාදීන්ට එරෙහිව විධිමත් පරීක්ෂණයක් ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක්

අරන්තලාව භික්ෂු ඝාතන සිදුකළ දැනට ජීවතුන් අතර සිටින ත්‍රස්තවාදීන්ට එරෙහිව වහාම පරීක්ෂණයක් සිදුකිරීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.

එම ත්‍රස්ත ප්‍රහාරයෙන් තුවාල ලබා දිවි ගලවා ගත් ආඳාඋල්පත බුද්ධසාර හිමියන් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර ඇත.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, වැඩබලන පොලිස්පතිවරයා සහ රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී සුරේෂ් සලේ යන අය නම් කර තිබේ.

පෙත්සම්කාර බුද්ධසාර හිමියන් කියා සිටින්නේ කොටි ත්‍රස්තවාදීන් විසින් 1987 වසරේ ජූලි මස 02 වනදා එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයකින් භික්ෂූන් වහන්සේලා 31නමක් අපවත් වී තවත් සිවිල් වැසියන් පිරිසක් ද මිය ගිය බවය.

මෙම සිද්ධියට සම්බන්ධ ත්‍රස්තවාදීන් ගණනාවක් තවමත් ජීවතුන් අතර සිටින බව පවසන පෙත්සම්කාර හිමියන් ඔවුන් සම්බන්ධයෙන් මෙතෙක් නීතිය ක්‍රියාත්මක වී නොමැති බව සඳහන් කරයි.

එබැවින් මෙම සිද්ධියට වගකිවයුතු, ජීවතුන් අතර සිටින ත්‍රස්තවාදීන්ට එරෙහිව වහා නීතිය ක්‍රියාත්මක කරන ලෙස වැඩ බලන පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙස උන්වහන්සේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිති.

මෙම ත්‍රස්ත ප්‍රහාරයෙන් සිදුවූ මූලික අයිතීන් උල්ලංඝනය වෙනුවෙන් “රුපියල් කෝටි 2ක වන්දියක් රජයෙන් අයකර දෙන නියෝගයක්” නිකුත් කරන ලෙස ද උන්වහන්සේ වැඩිදුරටත් සිය පෙත්සමෙන් ඉල්ලා සිටිති

Related posts

පාසල් අධ්‍යාපනය වසරකින් අඩු කිරීමට යෝජනා වෙයි !

colombotoday

එජාප යේ 50ක් ගෝඨා ට එක්වෙන්න සූදානම්, නවත්ත ගත්තේ සල්ලි දීලයි – ජවිපෙ බිමල්

colombotoday

අල්ලස් ගත් නාකොටික් නිලධාරියා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

colombotoday

රතන හිමි ඉල්ලුවේ මාස 3යි. මාස 6ක් දුන්නා. ඉල්ලා අස් වීමෙන් පසු ඥානසාර හිමිව මන්ත්‍රී ධූරයට පත් කරනවා – අපේ ජනබල පක්ෂය

colombotoday

නොරොච්චෝලේ බිඳ වැටුණු ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මක කරන්න දින 12 ක් ගතවේවි – විදුලිබල මණ්ඩලය කියයි

Admin

රාජ්‍ය සේවකයින්ගේ වැඩිවුණු වැටුප් ගැන දැනුම්දීමක්

Admin