Colombo Today Local Newsfeatured

රතන හිමි ඉල්ලුවේ මාස 3යි. මාස 6ක් දුන්නා. ඉල්ලා අස් වීමෙන් පසු ඥානසාර හිමිව මන්ත්‍රී ධූරයට පත් කරනවා – අපේ ජනබල පක්ෂය

පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වීමෙන් පසුව එම මන්ත්‍රී ධූරය සඳහා බොදු බල සේනා (BBS) ප්‍රධාන ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි පත් කිරීමට නියමිතව ඇති බව අපේ ජනබල පක්ෂයේ සභාපති සමන් පෙරේරා මහතා උපුටා දක්වමින් ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කර ඇත.

අපේ ජන බල පක්ෂයට පසුගිය මහා මැතිවරණයෙන් ලැබුණු මන්ත්‍රී ධූරය පිළිබඳව අර්බුදයක් පැන නැගුනු අතර එම අර්බුදය විසඳීම සඳහාත් ගෞරවය උදෙසාත් තමන් වහන්සේ මාස 3කට පාර්ලිමේන්තුව නියෝජනය කර ඉන් ඉල්ලා අස්වී පුජ්‍ය ගලගොඩඇත්තේ ඥානසාර හිමිට පත්වීමට අවස්ථාව ලබා දෙන බවට පූජ්‍ය අතුරලියේ රතන හිමි එකඟතාවයකට පත්වූ බව සමන් පෙරේරා මහතා සඳහන් කර සිටියි.

එහිදී පුජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ කාලය මාස 3 ක් නොව 6 ක් උවද තමන් වහන්සේට ගැටළුවක් නොවන බව ඥානසාර හිමි විසින් සඳහන් කල බවයි ඔහු පවසා ඇත්තේ.

ඒ අනුව පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පසුගිය ජනවාරි 5 වන දින මන්ත්‍රී ධුරයේ දිවුරුම් දුන් අතර ජූලි 5 වනදාට මාස 6ක කාලය සම්පුර්ණ වේ.

අතුරලියේ රතන හිමියන්ගේ ඉල්ලා අස්වීමෙන් පසු ඥානසාර හිමියන්ව මන්ත්‍රී ධූරයට පත්කිරීමට පක්ෂය සුදානමින් සිටින බවද සමන් පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය.

http://www.dailymirror.lk/breaking_news/Gnanasara-Thera-to-be-appointed-as-MP-after-resigning-Rathana-Thera-AJBP-President/108-213758#.YMB2qfkDAzw.twitter

Related posts

Video – දැඩි මුස්ලිම් අන්තවාදයක් කොළඹ ක්‍රියාත්මකයි – ඇමති මනෝ ගනේෂන් කියයි

colombotoday

රනිල් ජනාධිපතිවරණයට ආවොත් පරාජය නියතයි…

colombotoday

රාජිත හමුවීමට තරම් දත් රෝගීන් ඒකාබද්ධයේ නෑ – ඩලස්‌ අලහප්පෙරුම

colombotoday

බැසිල්ගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක්

colombotoday

“ක්‍රිකට් තහනම ඉවත් කරන්න පාර්ලිමේන්තුවම එක් විය යුතුයි”

Admin

රන්ජන්ගේ අඩුවට අජිත් මානප්පෙරුම දිවුරුම් දෙයි

colombotoday