Colombo Today Local News

අයියාට පිහියෙන් ඇන මල්ලි ලොරියකට පැන දිවි නසා ගනී – මවත් ඇඳ යට මිය ගිහින්.

මල්ලි විසින් තමා අයියාට පිහියෙන් ඇන අනතුරුව අධිවේගී මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ලොරියකට පැන දිවි නසා ගෙන ඇති බවත් එම සිදුවීම පිළිබඳව පරීක්ෂණ සිදු කිරීමේදී ඔවුන් දෙදෙනාගේ බවද නිවසේ ඇඳක් යට මියගොස් සිටිනු සොයාගත් බව මතුගම පොලිසිය පවසයි.

මතුගම පොලිස් වසමේ නවුත්තුඩුව අලුත්ගම්ගොඩ ප්‍රදේශයෙන් පසුගිය 27 වන දා රාත්‍රී 11.00 ට පමණ මෙම සිදුවීම වාර්තාවී ඇත.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ 39/4 කිලෝමීටර් කණුව ආසන්නයේ දී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයකු මිය යාම පිළිබඳව අධිවේගී මාර්ග පොලිස් කොට්ඨාශයේ නිලධාරීන් විසින් සිදුකළ පරීක්ෂණයේදී මේ බව හෙළි වී ඇත.

රිය අනතුරට ලක්වූ පුද්ගලයා අධිවේගී මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ලොරි රථයකට පැනීම නිසා සිදුවූ අනතුරෙන් මියගොස් ඇත්තේ නවුත්තුඩුව , අලුත්ගම්ගොඩ පදිංචි ගම්මන්පිල ඉමිටියාගේ උපුල් කුමාර නැමැති 35 හැවිරිදි අයෙකි.

මෙම මියගිය පුද්ගලයා විසින් නිවස තුලදීම පිහියකින් ඇනීම නිසා බරපතළ තුවාල ලබා සිටි ඔහුගේ වැඩිමහල් සොහොයුරාව අසල්වැසියන් විසින් නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර ශල්‍යකර්මයකට භාජනය කිරීමෙන් අනතුරු දැඩි සත්කාරය එකෙක් රඳවා ඇති බව රෝහල් ආරංචිමාර්ග පවසන අතර ගම්මන්පිල ඉමිටියාගේ ගයාන් පුෂ්පික නැමැති 37 හැවිරිදි අයෙකු මෙසේ තුවාල ලබා ඇත.

අධිවේගී මාර්ගයේ අනතුරින් මියගිය පුද්ගලයා සතුව තිබූ හැදුනුම් පත අනුව පොලිස් නිලධාරීන් ඔහුගේ නිවසට පැමිණ පරීක්ෂා කිරීමේදී එම දෙදෙනාගේ මව නිවසේ ඇඳක් යට මිය ගොස් සිටියදී සොයාගෙන ඇත. යට්ටෝවිට විතානගේ ගුණවතී හෙවත් රමණි නැමති 58 හැවිරිදි කාන්තාව මෙලෙස මියගොස් ඇත.

මෙම මරණ පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිතව තිබූ අතර මතුගම මූලස්ථාන පොලිස් පරීක්ෂක පරාක්‍රම උඩවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වයි.

Related posts

විමල්ට, දිනේෂ්ට, ඩලස්ට, උදයට මැයි 1 දා ශාලිකා පිටිය තහනම්

colombotoday

අඟහරුවාදා සිට කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනා ගමනයට අවසර

colombotoday

පොලිසියේ කනෙන් රිංගා, අගොඩ ලොක්කා සහ අතුරුගිරියේ ලඩියා රටින් පැන යයි !

colombotoday

“ඒ ගැන පස්සෙ කතා කරමු” බැදුම්කර කොමිසමෙන් එළියට ඇවිත් ඇමති කබීර් කීව දේ (Video)

colombotoday

නව කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් වැඩ භාරගනී

colombotoday

20 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන අධ්‍යයනයට විශේෂඥ කමිටුවක්

colombotoday