Colombo Today Local News

අපි කෝටිපතියන්ට 20,000 දෙන්නේ නෑ

තමන් ගන්නා සෑම තීරණයකම ආර්ථික පසුබිමක් ඇති බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ගල්කිස්ස ප්‍රදේශයේ පැවති පාක්ෂික හමුවක දී ඔහු ඊයේ (13)දින මේ බව සඳහන් කළේය.

පාක්ෂිකයෙක් –
හුඟක් අයට ලොකු ප්‍රහේලිකාවක් ඔබතුමා රුපියල් 20,000 ක් දෙන ආකාරය පිළිබඳව‍,

සජිත් ප්‍රේමදාස –
“විසිදාහ නෙවෙයි මම පටන්ගත්තේ හැටදාහෙන්. මම ගන්න හැම තීරණයකම ආර්ථික පසුබිමක් තියෙනවා. මම ඉස්සෙල්ලා කිව්වේ පවුලකට හැටදාහක් දෙන්න ඕනේ කියලා.

2016 හතරදෙනෙක් ඉන්න පවුලකට මාසෙකට ජීවත්වීම සඳහා පනස්පන්දාහක් ඕනේ. මාසෙකට ජීවත්වෙන්න අවශ්‍ය පනස්පන්දාහ මොනවට ද, ඒ ගොල්ලෝ විග්‍රහ කරනවා දෙයාකාරයකට.

එකක් ආහාර වියදම්, අනිත් එක ආහාර නොවන වියදම්. දැන් මේක 2016 යේ. මේ සිද්ධිය සිදුවෙන්නේ 2020.

මම ආර්ථික විශේෂඥයන් කිහිප දෙනෙකුට කතා කරලා දළ වශයෙන් අනුමාන කළා තව මේකට රුපියල් 5,000 ක් එකතු කරන්න ඕනේ කියලා. ඔන්න හැටදාහට ආපු ආකාරය.

මොකද්ද රජය කිව්වේ ආපෝ අපිට සල්ලි නෑ ඕවා කරන්න කියලා. එතකොට අපි කිව්වා හරි රජයටත් මූල්‍ය ප්‍රශ්න තියෙනවනේ.

එහෙනම් 20,000 ක් දෙන්න. 60,000 කොහොමද 20,000 වුණේ? අඩුම ගානේ ආහාර ටිකවත් ලබාගෙන, මනුස්සයෙක් මැරෙන්නටනොදී හතරදෙනෙක් ඉන්න පවුලකට දෙන්න ඕන ගාන කීයද?

2016 යේම තියෙනවා 20,000 යි කියලා. ඔන්න 20,000 ආපු විදිහ. එතකොට අපි කෝටිපතියන්ට, ප්‍රකෝටිපතියන්ට, දසලක්ෂපතියන්ට 20,000 දෙන්නේ නෑ.”

Related posts

මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයෙන් ඊයේ හමුවූ කොවිඩ් ආසාදිතයින්ගේ තොරතුරු

colombotoday

TNA සහය රට බෙදීමට සහය වන අයටයි !

colombotoday

ගුරුත්වාකර්ෂණයට හසු නොවී වැඩ සිටින මියන්මාරයේ අසිරිමත් රන්ගිරි සෑය !

colombotoday

අනුරගේ ඉන්දියා-චීන ගිවිසුම් කොළඹට ප්‍රබල මැදිහත්වීමක්

Admin

ඔසුසල්,සාත්තු නිවාස හා ප්‍රතිකාර මධ්‍යස්ථාන ඇඳිරි නීති කාලයේත් විවෘතයි

colombotoday

ආණ්ඩුවට වැඩ බෑ – සාක්ෂි පෙන්වමින් මරික්කාර් ආණ්ඩුව පතුරු ගසයි (වීඩියෝ)

colombotoday