Covid 19

අනුරාධපුරේ යාචකයෝ 81 නිරෝධායනයට

අනුරාධපුර නගරයේ ස්ථාන කිහිපයක සැරි සරන ලද යාචකයන් 81 දෙනෙකු නිරෝධායනයට ලක් කිරිමට ඊයේ (08) දින පියවර ගත් බව අනුරාධපුර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් රැවන් විජේසිංහ මහතා පැවසිය.

අනුරාධපුර පුජා නගරයේ සිංහ කුළුන ආසන්නයේ රැදි සිටි යාචකයකුට කොරෝනා වෛරසය වැළදිමේ හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,සෙෘඛ්‍ය අංශ,පොලිසිය,යුධ හමුදාව,නගර සභාව විසින් නගරයේ යාචකයන් සියළු දෙනා නිරෝධායනයට ලක්කිරිමට මෙසේ පියවර ගෙන තිබුණි.

මෙම යාචකයන් සියළු දෙනා රඹෑව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පරසන්ගස්වැව,කාටුපුලියන්කුලම පාසලේ රදවා දින 14 කාලයක් නිරෝධායනය කිරිමට පියවර ගන්නා බව අනුරාධපුර නගර සභාවේ ප්‍රධාන මහජන සෙෘඛ්‍ය පරික්ෂක බණ්ඩාර මහතා සදහන් කළේය.

මෙම යාචකයන් දින 14 ක් නිරෝධායනය කිරිමෙන් පසුව ඔවුන් පිසිආර් පරික්ෂණයකටද ලක්කිරිමට නියමිතය.

Related posts

බිමල් ජයකොඩිත් කොවිඩ් ආසාදනය වෙලා

colombotoday

මහනුවර ජාතික රෝහලේ 08කට කොරෝනා

colombotoday

Pfizer එන්නත් පළමු මාත්‍රා තොගය දිවයිනට…

colombotoday

ලොව පුරා කොවිඩ් ආසාදිතයින් ගණන සිඝ්‍රයෙන් ඉහළට

colombotoday

ඊයේ කොරෝනා ආසාදිතයින් 770ක්.. අසදිතයින්ගේ තොරතුරු.

colombotoday

සෞඛ්‍ය ඇමතිනීයට කොවිඩ් බව තහවුරු වෙයි

colombotoday