Colombo Today Local News

අන්තවාදීන් කිසිම කෙනෙක් මගේ ආණ්ඩුවට ගන්නේ නෑ – ගෝඨාභය සහතික වෙයි

තමා නිසි ක්‍රමවේදයට අනුව අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගෙන ඇති බැවින් ඒ සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

දෙරණ 360 දේශපාලන වැඩසටහනට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ තමන් ජනාධිපති වූ පසු ආණ්ඩුවක් පිහිටුවන අතර ඊට අන්තවාදීන් කිසිවෙකු සම්බන්ධ කර නොගන්නා බවයි. 

රජය ස්ථාවර කරන්න තව අය එකතු වෙනු ඇතැයි තම අපේක්ෂාව බවත් අන්තවාදීන් කිසිවෙක් ආණ්ඩුවට ගන්නෙ නැති බවට තමා ප්‍රකාශ කරන බවත් පැවසු ගෝඨාභය මහතා, තමා ජනාධිපතිවරයා වශයෙන් පටන් ගත් දිනයේ සිට ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කළ යුතු බවත්, එලෙස ක්‍රියාත්මක නොකර පස්සට අදින ආණ්ඩුවක් සමඟ තමාට වැඩ කළ නොහැකි බවත් එනිසා අනිවාර්යයෙන්ම අපේ රජයක් අපි පිහිටු වන බවත් පැවසීය.

Related posts

හතුරුසිංහ ඉවතට…

colombotoday

පන්දම නිවා ෆොන්සේකා අලියා පිට නගී

colombotoday

එක් ඡන්දයක කල් දාලා කල් දාලා යන්තම් පෙබරවාරි මාසේ තියා ගත්තා….පළාත් සභා මැතිවරණය කවදා තියයිද මමවත් දන්නේ නෑ

colombotoday

ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමක්

Admin

උඩවලව ජලාශයෙන් වගා ප්‍රදේශ 70% කට ජලය මුදා හැර අවසන්

Admin

වතු කම්කරුවන්ගේ ජල ගැටලුව හේතුවෙන් වැඩවර්ජන

Admin