Colombo Today Local News

අධිචෝදනා 7573ක් ඇවන්ගාඞ් නඩුව විභාගයට නීතිපති ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉල්ලයි

ඇවන්ගාඞ් මැරිටයිම් සර්විසස් සමාගමට අයත් එම්. වී. ඇවන්ගාඞ් නමැති නෞකාවේ කිසිදු නීත්‍යානුකූල බලපත‍්‍රයක් හෝ අවසර පත‍්‍රයක් නොමැතිව නීති විරෝධී අන්දමින් ස්වයංක‍්‍රීය ගිනි අවි 816 ක් සහ ජීව උණ්්ඩ දෙලක්‍ෂ දෙදහස් නමසිය තිස්පහක් තබා ගැනීම ඇතුළු අධිචෝදනා 7573 ක් යටතේ ඇවන්ගාඞ් සමාගමේ සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති ඇතුළු විත්තිකරුවන් 13 දෙනකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ පවරන නඩුව විභාග කිරීම සඳහා විශේෂ මහාධිකරණ ත‍්‍රිපුද්ගල විනිසුරු ම`ඩුල්ලක් පත්කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා ඊයේ (21 දා) පස්වරුවේ  අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කළේය.

ජාතික හා ජාත්‍යන්තර වශයෙන් මහත් කැළඹීමකට ලක්වූ එම සිද්ධියේ පවතින දැඩි සංකීර්ණතාව ඇතුළු සුවිශේෂ කරුණු කිහිපයක් නිසා ජූරි සභාවක් නොමැති විශේෂ පුහුණු හා නීතිය පිළිබඳව මනා අවබෝධයක් ඇති විනිසුරු ම`ඩුල්ලක් හමුවේදී විභාගයක් පැවැත්වීම සුදුසු බව නිගමනය කළ නීතිපතිවරයා අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතාගෙන් එම ඉල්ලීම කොට ඇතැයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය ප‍්‍රකාශ කළාය.

2007 වසරේ සිට 2015 වසර දක්වා රක්නා ලංකා සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ විශ‍්‍රාමික මේජර් ජනරාල් වඩුගේ පාලිත පියසිරි ප‍්‍රනාන්දු එහි ප‍්‍රධාන විධායක නිලධාරි ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් කරුණාරත්න බණ්ඩා අධිකාරි එගොඩවෙල, ආරක්‍ෂක අමාත්‍යංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සමන් දිසානායක, එම නෞකාවේ කපිතාන් යුක්රේන් ජාතික ගෙනඩි ග‍්‍රැබ්රිලෝව් රක්නා ලංකා සභාපතිවරයෙකු වන වික්ටර් සමරවීර හා ආරක්‍ෂක අමාත්‍යංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සුජාතා දමයන්ති ජයරත්න එම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කිරීමට නියමිතය.

එම විත්තිකරුවන්ට අමතරව දොන් ඇල්බට් තිලකරන්න, විශ්වජිත් නන්දන දියබලනගේ, නිලූපුල් ද කොස්තා, පොන්නතුරෙයි බාලසුබ‍්‍රමනියම් පේ‍්‍රමචන්ද්‍රන්, යන පිරිස හා රක්නා ලංකා සමාගම සහ ඇවන්ගාර්ඞ් මැරිටයිම් සර්විසස් සමාගම ද එම නඩුවේ විත්තිකාර ලේඛනයට ඇතුළත් කොට ඇත.

මෙම නඩුව ශ‍්‍රී ලංකා අධිකරණ ඉතිහාසයේ වැඩිම අධිචෝදනා ප‍්‍රමාණයක් විත්තිකරුවන්ට එරෙහිව නීතිතිවරයා ගොනු කළ නඩුව වන්නේ යැයිද නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය ‘දිවයින’ට ප‍්‍රකාශ කළාය.

Related posts

13 එසේම තිබියදී විධායක ජනාධිපති ධුරය අහෝසි කරාට කමක් නෑ.. ඉන්දියාවෙත් එහෙමයි – ජවිපෙ නායක අනුර

colombotoday

විදුලි පුටුව ශ‍්‍රී ලංකා දේශපාලනයෙන් අතුගා දැම්මා

colombotoday

NGO හඩ බලවත් වෙයි… මහානාහිමිවරුන්ගේ ඉල්ලීම ඉවත දැමේ… ඤාණසාර හිමියන්ට ජනපති සමාව නොලැබේ…

colombotoday

IMF නියෝගය ක්‍රියාක්මක වෙයි.. තෙල් මිල සූත්‍රය මැයි 1දා සිට.. විදුලි මිල සූත්‍රයත් ළගදීම !

colombotoday

අලුත් ව්‍යවස්තාවට ජනමතවිචාරණයක්.. දෙමළ, මුස්ලිම් දැනටමත් කැමතියි.. සිංහලයන් කැමති කරගන්නවා

colombotoday

“සිංහලේ” ගැන තානාපති කාර්යාලත් කැළබෙයි !

colombotoday