Colombo Today Local News

අතුරුදන් වූ රණමයුර සම්මානය කඩුවෙලින් හමුවෙයි…

හෙළයේ මහා සිනමාවේදී අභාවප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අතුරුදන්වූ යාවජීව ප්‍රණාම සම්මානය පොලීසිය සොයාගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ අද (05) උදෑසන කොල්ලුපිටියේදී සුඛෝපභෝගී මගී බස් රථයක තිබී මෙම සම්මානය සොයාගත් බවයි.

මාර්ග අංක 177 – කඩුවෙල – කොල්ලුපිටිය මාර්ගයේ ධාවනය වන බස් රථයක භාණ්ඩ රඳවනයක තිබී මෙම සම්මානය හමුවී තිබෙනවා.

හෙළයේ මහා සිනමාවේදී අභාවප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ නිවසින් ඔහුට හිමි වූ යාවජීව ප්‍රණාම සම්මානය අතුරුදන්වීම පිළිබඳව පුද්ගලයන් 15 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බව කොළඹ අපරාධ කොට්ඨාශය ප්‍රකාශ කළා.

තිඹිරිගස්යාය ප්‍රදේශයේ පිහිටි නිවසේ තැන්පත් කර තිබූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ දේහය පසුගිය 2 වන දා උදෑසන නිදහස් චතුරශ්‍රය කරා රැගෙන යාමට ප්‍රථම නිවසේ පැවති ආගමික වතාවත්වලින් අනතුරුව මෙම සම්මානය අතුරුදන්වූ බවටයි පොලීසියට සිදුකරන ලද පැමිණිල්ලේ සඳහන් වන්නේ.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් 1965 වසරේ ගම්පෙරළිය චිත්‍රපටය වෙනුවෙන් දිල්ලි අන්තර්ජාතික සිනමා උළලේදී රණ මයුර සම්මානය හිමිකර ගත් අතර, යාවජීව ප්‍රණාම සම්මානය හිමිවූයේ ඉන් වසර 35 කට පසුවයි.

Related posts

හිස්බුල්ලාගේ පෙත්සම සලකා බැලීමෙන් විනිසුරු අර්ජුන ඔබේසේකර ඉවත්වෙයි

colombotoday

බීමතින් පැමිණි සැමියාට බිරිඳගේ දඩුවමින් දිවි අහිමි වේ.

Admin

කම්කරු වන්දිය දෙගුණ වේ

colombotoday

නකල්ස් අඩවියේ මහා ඉඩම් කොල්ලයක්.. කබීර් හෂීම්-කිරිඇල්ල අක්කර විසිඑක්දාහක් නෑ හිතවතුන්ට දෙයි…

colombotoday

අන්තරේ කැඳවුම්කරු ඇප මත මුදාහරී

colombotoday

දෙයියන්ගෙම පිහිටයි: කඩා වැටුණු පාලම හැදූ ඉන්දීය සමාගම ලංකාවෙත් මහල් නිවාස හදයි!

colombotoday