Colombo Today Local News

අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා රිෂාඩ් බදියුදීන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පරීක්ෂණ ඒකකයේ ස්ථානාධිපති රවින්ද්‍ර විමලසිරි, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපති, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂක, නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ, වැඩබලන පොලිස්පති සී.ඩී.වික්‍රම⁣රත්න, හා නීතිපතිවරයා නම්කර ඇත.

පෙත්සම්කරු කියා සිටින්නේ පාස්කු ඉරුදින එල්ල කෙරුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සිද්ධිය මුල් කරගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන් අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බවට තොරතුරු ලැබී ඇති බවය.

මෙම සිද්ධිය හා තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව පෙන්වා දෙන හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අදාල ප්‍රහාරය පිළිබඳව සොයා බැලූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව මඟින් තමන්ට එරෙහිව කිසිදු චෝදනාවක් නොමැති බවට නිර්දේශ ඉදිරිපත් කර ඇති බව ද ඔහු පෙන්වා දෙයි.

මේ තුළින් සිය මූලික අයිතීන් උල්ලංඝනය වීමට අත්‍යාසන්න බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඒ වෙනුවෙන් රුපියල් කෝටි පහක වන්දියක් වගඋත්තරකරුවන්ගේ අය කර දෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.

ඊට අමතරව මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නිකුත් කර ලෙසද රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා‍ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

Related posts

බස්නාහිර පළාත තුල කොරෝනා තත්වයේ යම් පාලනයක්

colombotoday

මෙතෙක් කිසිදු එන්නත් මාත්‍රාවක් නොගත් කොළඹ ජනතාවට දැනුම්දීමක්

colombotoday

STF කියා නිවසට ඇවිත් කොල්ලකාලා

colombotoday

නීති විරෝධී වැඩකට කැබිනට් අනුමැතිය.. පස්, කළුගල්, වැලි රජයේ වනාන්තරවලින් ගන්න අවසර

colombotoday

රට, දැය, සසුන රකින්න, තුණුරුවන් වැදල ගිහින් ගෝඨාභයට ඡන්දය දෙන්න – බොදුණුවන් පිරිවරා ඤාණානන්ද හිමියෝ ජාතියෙන් ඉල්ලති

colombotoday

උද්ධමනය සියයයට 3.8 කින් පහළට

Admin