Colombo Today Local News

අටළුගම ෆතුමාට අඩත්තේට්ටම් කල තවත් මුස්ලිම් ජාතිකයන් 10ක් අත්අඩංගුවට

බණ්ඩාරගම අටුලුගම ප්‍රදේශයේ දී මුස්ලිම් කාන්තාවන් දෙදෙනෙකුට පහර දී හිරිහැර කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය මගහරිමින් සිටි පුද්ගලයන් 10දෙනෙකු පොලිසියට බාරවීමෙන් පසු අද(01) අත්අඩංගුවට ගත් බව බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය කියයි.

සිංහල ජාතිකයකු සමග විවාහවීම හේතුවෙන් ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයන් පිරිසක් තම නිවසට කඩා වැදී කාන්තාවකට සහ ඇගේ මවට පහරදී නිවසේ දේපළවලට අලාභ හානි සිදුකළැයි ඉකුත් මාර්තු 24 වැනි දින බණ්ඩාරගම පොලිසියට කරන ලද පැමිණිලි කර තිබිණි.

ඊට අදාළ තවත් සැකකරුවන් හයදෙනෙකු පොලිසිය මගින් 2019-06-21 දින අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් බාරයට පත්කළ බව පොලිසිය කියයි.

බණ්ඩාරගම පොලිසිය පක්ෂග්‍රහිව කටයුතු කිරීම හේතුවෙන් අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ඉකුත් අගෝස්තු 2 වැනි දින ඉවත් කළ අධිකරණය ඒ පිළිබඳව විමර්ශන බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය වෙත පවරා ඇත.

මේ අතර මෙම පැමිණිල්ලේ සාක්කිකරුවන්ට බැණ තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී අබ්දුල් හමීඩ් මොහොමඩ් ඉමිතියාස් නමැත්තා මේ වනතුරුත් රිමාන්ඩ් බාරයේ පසුවන බවද පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 10දෙනා පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට (2) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදි.

Related posts

කුවේට්හීදි කතක් මිය යයි – ඇය හඳුනනවානම් ඉක්මණින් දැනුම් දෙන්න

Admin

කුඩාවැල්ල ධීවර වරායේ යාත්‍රාවක් ගිනි ගනී

colombotoday

සියළුම ආපනශාලා අහාර මිල ඉහළ දමයි

colombotoday

වයින් ස්ටෝර්ස් හා බීර වර්ග අලෙවි ස්ථාන විවෘත කිරීමට අවසර..

colombotoday

අයවැය විසර්ජන පනත මැතිසබයට

colombotoday

රිෂාඩ් 07වනදා තෙක් යළිත් බන්ධනාගාරයට

colombotoday