Colombo Today Local News

අගමැති හබය පාර්ලිමේන්තුවෙන් නොවිසදුනොත් ශ්‍රේෂ්ඨාධීකරණයට….

නව අග්‍රාමාත්‍යවරයා පත්කිරීම පිළිබඳ අර්බුදය පාර්ලිමේන්තුවෙන් විසඳා ගැනීමට දරන අවසන් උත්සාහය අසාර්ථක වුවහොත් එය නැවතත් ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් විසඳාගැනීමේ යෝජනාවක් ඉදිරිපත්ව ඇතැයි  වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් ඉදිරිපත්ව තිබෙන විකල්ප යෝජනා දෙකක් වන බව ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග කියයි. ඉන් පළමුවැන්න ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථානුකූලව ඒ ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමයි. දෙවැන්න අගතියට පත් පාර්ශවයක් හරහා නඩුවක් ගොනු කිරීමයි. කෙසේ වෙතත් එය සිදුවනු ඇත්තේ දැනට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවත්නා මැතිසබය විසුරුවා හැරීමට අදාළ නඩුව හමාර වීමෙන් පසුවය.

ඊට පෙර සාකච්ඡා මඟින් ප්‍රශ්නය විසඳා ගැනීමට ජනාධිපතිවරයා අලුතෙන් පත් කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිල නොවන මට්ටමින් එකඟ වී ඇතැයි දැනගන්නට තිබේ. කෙසේ වෙතත් ජනාධිපතිවරයා පසුගියදා වාර ගණනාවක්ම ප්‍රකාශ කර තිබුණේ අගමැති ධූරය වෙනස් කරන්නට සිදුවන්නේ නම් අභිනව අගමැතිවරයකු පත්කරන්නේ තමන්ගේ අභිමතය අනුව බවය.

කෙසේ හෝ මෙම සාකච්ඡා මඟින් ප්‍රශ්නය සමතයකට පත් කරගත නොහැකි වුවහොත් එ.ජා. පෙරමුණට හෝ එ.ජා.නි.සයට මැතිසබයේ 113ක පරම බහුතරය නොමැති අවස්ථාවක අගමැතිවරයා පත් කළ යුතු ආකාරය ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසනු ඇතැයි දැනගන්නට ඇත.

දේශය

Related posts

නාඩු,සම්බා,කීරි සම්බා මිල යළි ඉහළට

Admin

ප්‍රශ්නයක් අහපු ගමන් ලිච්ඡවී පැන දුවනවා.. කිමද නාවේ ඇයි නාවේ අපි බලන් ඉන්නවා

colombotoday

මෙරට ප්‍රථම කොරෝනා මරණය වාර්තා වෙයි

colombotoday

ෂරියා මූල්‍ය සමාගමක් පිහිටුවාගෙන කෝටි 120ක පොල්ලක් තබා ඉන්දියාවට පැන්න ෂිහාම් සීරීබ් අත්අඩංගුවට

colombotoday

වන සංචාරක නිවාස සහ කඳවුරු බිම් ආශ්‍රිත සංචාරක කටයුතු තාවකාලිකව අත්හිටුවයි

colombotoday

මැනිං වෙළෙඳපොළ ව්‍යාපාරිකයින්ගේ මාරාන්තික උපවාසය තවදුරටත්

colombotoday